EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Immaculate (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageImmaculate (2024) | “මේක දෙවියන්ගේ වැඩක් නෙවෙයි..!!”
මේක අධ්‍යක්ෂණය කරන්නේ Michael Mohan විසින්..ඒ වගේම David Bernad, Sydney Sweeney, Jonathan Davino, Teddy Schwarzman, Michael Heimler කියන අය එකතු වෙලා තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ..ඇමරිකන් ඩොලර් මිලියන 9ක් වැය කරමින් නිෂ්පාදනය වුණු මේ චිත්‍රපටය ඇමරිකන් ඩොලර් මිලියන 21ක ආදායමක් ලබාගන්නත් සමත් වෙලා තියනවා..ඉතින් මේක අයිති වෙන්නේ Horror/Mystery කියන කාණ්ඩ වලට..ඒ වගේම මේ වෙද්දි මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 6.2/10 අගයකුත් Rotten Tomatoes දර්ශකයේ 71%ක අගයකුත් ගූගල් පරිශීලක මනාප 75%කුත් ලබාගන්න සමත්වෙලා තියනවා…
කාස්ට් එක පැත්තට හැරිලා බැලුවොත් ප්‍රධාන චරිතය වෙන සිස්ටර් සිසිලියාගේ චරිතය Sydney Sweeney විසින් රඟදක්වනවා..ඊට අමතරව ජනප්‍රිය ස්පාඤ්ඤ කතා මාලාවක් වුණු Money Heist කතා මාලාවේ Professor කියන චරිතය රඟ දක්වපු Álvaro Morte ත් මේ චිත්‍රපටයේ රංඟනයෙන් දායක වෙනවා.. Benedetta Porcaroli, Simona Tabasco, Dora Romano, Giorgio Colangeli වගේ නලු නිලියන් රැසක් මේ චිත්‍රපටයට රංඟනයෙන් දායක වෙලා තියනවා..
කතාව පැත්තට හැරිලා බැලුවොත්, සිසිලියා කියන්නේ කන්‍යා සොයුරියක් විදියට බැඳෙන්න හිතාගෙන අලුතින් ඉතාලියේ දේවස්ථානයකට එන තරුණියක්..ඉතින් සිසිලා කන්‍යා සොයුරියක් විදියට බැඳිලා ටික දවසක් ගතවෙද්දි සිසිලා හදිසියේ ගැබ් ගැන්නවා..ඉතින් මේක හැමෝටම ලොකු ප්‍රශ්නයක්..මොකද කන්‍යා සොයුරියක් කියන්නේ සියලු බැඳීම් අත් හැරපු කෙකෙන්..ඒ විදියේ කෙනෙක් ගැබ් ගන්න එක හැමෝටම ලොකු කුතුහලයක් ඇති කරනවා..ඉතින් මේ ගැන සිසිලියාගෙන් අහලා බැලුවම එයා කිසිම පිරිමියෙක් එක්ක සම්බන්ධයක් පවත්වලත් නෑ…ඊට පස්සේ හැමෝම හිතනවා මේක දේව ආශ්චර්යයක් නිසා සිද්ධ වුණු පිළිසිඳ ගැනීමක් කියලා..
- ඉතින් මේක ඇත්තටම එහෙම වුණු පිළිසිඳ ගැනීමක්ද ?
- මේ දරුවා දේව දරුවෙක්ද නැත්තන් කවුද?
- සිසිලියාට මොකද්ද අන්තිමට මොකද්ද වෙන්නේ?
කියලා දැනගන්නනම් ඔයාලට මේ Horror ෆිල්ම් එක ඉවර වෙනකන්ම බලන්න වෙනවා…












