EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

අහිංසකයන් බිලිගන්නා දරුණු නීතියක්ද?

අද මම අරගෙන ආවේ 2025 වසරේ අගභාගයේ තිරගත වුණුඅදටත් ප්‍රේක්ෂකයන් අතර දැඩි කතාබහට ලක්වන සුපිරිම දෙමළ චිත්‍රපටයක්. නම දැක්ක ගමන් මේක ක්‍රිකට් මැච් එකක් ගැන කියලා රැවටෙන්න එපා. මෙහි නම IPL නැත්නම් Indian Penal Law. අපේ රටේ වුනත් ඕනෑම මොහොතක සිදුවිය හැකි සත්‍ය සිදුවීම් පදනම් කරගෙන නිර්මාණය වූ මෙයදරදඬු නීතියක් ඉදිරියේ අසරණ වන සාමාන්‍ය මිනිසෙකුගේ සංවේදී මෙන්ම කුතුහලයෙන් පිරි කතාවක්. කරුණානිධිගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මෙම චිත්‍රපටය IMDb දර්ශකයේ 6.7 ක ඉහළ අගයක් ලබාගැනීමට සමත් වී තිබෙනවා. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ අප කවුරුත් දන්නා දක්ෂ රංගන ශිල්පී කිෂෝර් ය. ඔහුට අමතරව අභිරාමි, ‘ආඩුකලම්‘ නරේන් සහ බෝස් වෙන්කට් වැනි දක්ෂ නළු නිළියන් රැසක් මෙයට දායක වෙනවා. විශේෂයෙන්ම යූටියුබ් හරහා ජනප්‍රිය වූ TTF Vasan ගේ පළමු සිනමා ආගමනය සිදුවන්නේද මෙම චිත්‍රපටය හරහායි.

කතාව ගැන කියනවා නම්ගුණසේකරන් කියන්නේ බොහොම අහිංසකතමන්ගේ පාඩුවේ ටැක්සි රියදුරෙක් ලෙස රැකියාවක් කරගෙන ජීවත් වන මනුස්සයෙක්. ඔහුගේ බිරිඳ වන වසන්තිනංගි කනිමොළි සහ කුඩා දියණිය සමඟ ඔහු ගත කරන්නේ ඉතාමත් සාමකාමී ජීවිතයක්. නමුත් “සල්ලි සහ බලය තියෙන අයට විතරයි මේ සමාජයේ සාමයෙන් ජීවත් වෙන්න පුළුවන්” යන තේමාව සනාථ කරමින් ගුණසේකරන්ගේ ජීවිතය එක මොහොතකින් උඩුයටිකුරු වෙනවා. දිනක් පොලිස් අත්අඩංගුවේ සිටි රාජේෂ් නම් තරුණයෙක් පොලිස් පහරදීමකින් මියයනවා. මේ මරණය පිටුපස විශාල දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන අතරඑය වසා ගැනීමට මුත්තු කරුප්පන් නම් පොලිස් ඉන්ස්පෙක්ටර්වරයා සැලසුම් කරනවා. ඔවුන් කිසිදු වරදක් නොකළ ගුණසේකරන්ව මේ මිනීමැරුමට පටලවා බිල්ලට ‍දෙනවා. ගුණසේකරන්ගේ කාර් එක යොදාගෙන කරපු මේ කුමන්ත්‍රණය නිසා ඔහුට නොකරපු වරදකට හිරේ ලගින්නත් වෙනවා.

පොලිසියේ අමානුෂික වධහිංසා හමුවේතමන්ගේ පවුලේ අයගේ ආරක්ෂාව වෙනුවෙන් ගුණසේකරන්ට නොකළ වරදකට අත්සන් කිරීමට සිදුවෙනවා. මෙන්න මේ තීරණාත්මක මොහොතේදී තමයි ගුණසේකරන්ගේ නංගිගේ පෙම්වතා වන අන්බු මේ අසාධාරණයට එරෙහිව සටනට පිවිසෙන්නේ. බයික් රයිඩර් කෙනෙක් වගේම ඩිලිවරි බෝයි කෙනෙක් වන අන්බුටබලගතු දේශපාලන සහ පොලිස් බලයට එරෙහිව ජයග්‍රහණය කළ හැකි වේවිදරාජේෂ් සතුව තිබූ රහස් වීඩියෝව කුමක්දගුණසේකරන්ට ආපහු තමන්ගේ පවුල සමඟ එකතු වෙන්න පුළුවන් වේවිදමේ සියල්ල දැනගැනීමට නම් මේ චිත්‍රපටය බලන්නම වෙනවා.

මේක නිකම්ම මසාලා ෆිල්ම් එකක් නෙවෙයි. ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහය (Indian Penal Law) තුළ ඇති හිඩැස්වලින් රිංගා යන බලවතුන් සහ ඒ අතර තෙරපෙන අහිංසක මිනිසුන් ගැන මෙහි මැනවින් පෙන්වා දෙනවා. ගුණසේකරන්ගේ චරිතයට පණ පොවන කිෂෝර්ගේ විශිෂ්ට රංගනය සහ අන්බු ලෙස රඟපාන TTF වාසන්ගේ දායකත්වය චිත්‍රපටයට නව පණක් ලබා දී තිබෙනවා. පැය දෙකක කාලයක් කුතුහලයත්‍රාසය සහ සංවේදී බව අතර දෝලනය වන මේ අපූරු නිර්මාණය මගහරවා ගන්න එපා. නීතිය ඇත්තටම කා වෙනුවෙන්ද කියා ඔබට මෙයින් සිතා ගැනීමට හැකි වේවි. 

Comments