EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Inside Man (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageInside Man (2006) | විපාකය ඔබව හඹා එනු ඇත!
න්න මේ පාර වැඩියේ කවුරුත් බලලා නැතුව ඇතියි හිතන ටිකක් වෙනස් තේමාවක් ඔස්සේ ගලායන,ඒත් ගොඩක් ලස්සන ෆිල්ම් එකකට උපසිරැසි දාන්න හිතුවා..මේ ෆිල්ම් එක IMDB රේටින්ග්ස් වල 7.7/10ක් ලබාගෙන ඇති අතර සම්මාන 5ක් දිනාගෙන තිබෙනව..එමෙන්ම මේ චිත්‍රපටයේ දෙවනි කොටසත් ලබන අවුරුද්දේ තිරගත වීමට නියමිතයි..ඒ නිසා දැන්ම මේක බලල ලෑස්ති වෙලා ඉන්න දෙවනි එක බලන්න.. 🙂
ඇත්තටම මම මේක මුලින් බලන්න ගත්තේ මේකේ ඉතා දක්ෂ නලුවන් දෙදෙනෙක් වන ඩෙන්සිස් වොෂින්ටන් හා ක්ලීව් ඕවෙන්ගේ ගේ රංගනයෙන් හැඩ වී ඇති නිසා..ඒත් මේ කතාව මුල ඉදන්ම අපව පුදුමයට පත් කරමින් පටන් ගෙන අවසානයේ අප නොසිතූ ආකාරයට වෙනසක් කරමින් නිම වෙනවා..මේ ෆිල්ම් එක පටන් ගන්නා විට එහි පසුබිම් සංගීතය අහලා පුරුදු ගීතයක් බව ඔබට පෙනෙයි.
මේ ෆිල්ම් එකේ කතාව ගැන කෙටියෙන්ම හැදින්වීමක් කලොත් එය ගලාගෙන යන්නේ ඉතා අමුතුම බැංකු මංකොල්ලයක් කරන කෙනෙක් හා ඔහුගෙන් ප්‍රාණ ඇපකරුවන් මුදවා ගෙන ඔහුව කොටු කිරීමට දඟලන දක්ෂ පොලිස් නිලධාරියෙකුගේ ක්‍රියාදාමයන්ගෙන්. ඒත් මේ හොරා බැංකුවෙන් එක ශතයක් වත් හොරකම් වෙලා නෑ කියල බැංකුවත් කියනවනම්, උමං මාර්ග තියා කිසිම හානියක්වත් බැංකුවට නොවී තිබෙද්දිත් මංකොල්ලකරුවන් අතුරුදන් වෙලා තිබුනම ඇත්තෙන්ම පිස්සු හැදෙනෙව නේද.? මේ ෆිල්ම් එකේ කතාව මුල ඉඳන් අගට පිලිවෙලට ගලා ගෙන යන්නේ නැහැ..සමහර විට බලද්දි ටික වෙලාවකට හරිම අපැහැදිලියි වගේ හිතෙයි හිතයි,නමුත් අවධානයෙන් බලන්න,ඒ තමයි මේ කතාවෙ විශේෂත්වය..ඒත් අවසාන භාගයට කිට්ටු වෙද්දි ඉතා හොඳින්ම කතාව තේරෙනවා. ඒ වගේම අපි හිතාගෙන හිටපු ආකාරය කොතරම් වැරදිද කියලා තේරෙනවා. ඕගොල්ලොත් බාලම බලන්න.
පොඩි අවවාදයක් දෙන්නම්..අපි දකින දේ ගැන අපි හිතන දේ නිවැරදිම දේ නොවෙන්න පුලුවන්..











