EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Irupathiyonnaam Noottaandu (2019) | ආදරය ද? ආගම ද?

මේක සාමාන්‍යෙන් අපි බලාපොරොත්තු වන මලයාලම් ෆිල්ම් වල ස්වභාවය මේ ෆිල්ම් එකෙන් ටිකක් ගිලිහිලා දෝ කියාලා ඔයාලට හිතෙන්න පුලුවන්. ෆිල්ම් එක බලලාම ඔයාල ඒක තීරණය කරන්න. එකෙන් මූලිකව කතා කරන්නෙ ආගම්වාදය නිසා ආදරයට වන බලපෑම ගැනයි. ඒ වගේම ආගම කියන එක බාධවක් නොකරගෙන ආදරය ඉදිරියට පවත්වා ගත යුතුයි කියලා මේ ෆිල්ම් එකෙන් පණිවිඩයක් දෙනවා.

මං කතාව කෙටියෙන් කියන්නම් වෙනදා වගේ, ගොආ වල හෝටල් අයිතිකරුවෙක් හා හොද සර්ෆින් ක්‍රීඩකයෙක් වන අප්පු (Pranav Mohanlal) කියාලා කෙනෙක් ඉන්නවා. ඒ වගෙම එයාගෙ තාත්තා බාබා(Manoj K. Jayan) වල හිටපු පරණ මැරයෙක්. ඒ වගේම අහම්බෙන් අප්පුට සායා (Zaya David) කියාල ගෑණු ලමෙක් හම්බෙනවා ක්ලබ් එකක දි. ඉතිං අවසානෙදි එයාගෙ හෝටලයට එයා නතර වෙන්න එනවා. මේ දෙදෙනා අතරින් අප්පුට සායා ගැන ආදරයක් ඇති වෙනවා. ඉතිං පස්සෙ මේකට අකමැති වෙලා සායා හෝටලෙන් යනවා. ඊටපස්සෙ බාබා කියනවා සායව එක්කං එන්න කේරලේට යන්න කියල. එහිදි එයා දැනගන්නවා, සායා කන්‍යා සොයුරියක් වෙලා කියාලා.

ඉතිං ඊටපස්සෙ අප්පු මේක දැනගත්තාම මොක ද කරන්නේ. සායත් එක්ක ආදරය කරන එක නවතාවි ද?. අප්පුට සායගෙ ආදරය දිනා ගන්න හැකි වේවි ද?. ඒක දැනගන්න නම් අනිවාර්‍යෙන්ම මේ ෆිල්ම් එක බලන්න.

Comments