EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Jailer (2023) | කොටියාගේ නියෝගය!


මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

ඔන්න එහේනම් මේ දවස්වල වැඩි කතාබහට ලක්වෙන රජිනිකාන්ත්ගේ 169 වන චිත්‍රපටය ජේලර් ෆිල්ම් එකට සිංහල සබ අරන් ආවා. මේක කැම් කොපියට සබ ගෙනාවේ. හොදම දේ තමයි මේවගේ ෆිල්ම් එකක් තියටර් බලන එක. හැමෝටම බැරි නිසාත් ඔරිජිනල් එනකම් ඉන්න බැරි අයට සිංහලෙන් තේරෙන විදියට බලන්න කියල සිංහල සබ ගෙනාවා ,

ෆිල්ම් එකගැනනම් වැඩි විස්තර අවශ්‍යවෙන්නේ නෑ කියලයි හිතන්නේ, ඒ තරමට මේක කතා බහට ලක්වුනා. මේකේ විස්තර මුහුණුපොතේ හැම තැනම තියෙනවා. ඒ නිසා වැල්වටාරම් මම ලියන්න යන්නෙත් නෑ.

මේක සන්පික්චර්ස් විසින් කලානිදි මාරන් විසින් ඉදිරිපත් කිරීමක්. අධ්‍යක්ෂණය නෙල්සන් දිල්පුකාර් විසින් කර තියෙනවා. සුපර්ස්ටාර් රජිනිකාන්ත් ප්‍රධාන චරිතය කරන අතර එයාගේ බිරිද විදියට පඩයප්පා එකේ අභියෝගයක් කල රම්‍යා ක්‍රිෂ්ණන් රගපානවා . සහය චරිත සදහා දුෂ්ඨයා ලෙස Vinayakan, පුතා විදියට Vasanth Ravi, කවදත් අපේ Yogi Babu අපිව හිනස්සන්න ඉන්නවා . සංගීතය අනිරුද් කරල තියෙන්නේ . කැමරාකරනය හා සංස්කරනය Vijay Kartik Kannan සහ R. Nirmal විසින් කරල තියෙන්නේ .

හොද ධනාත්මක විචාරයන් එක්ක බොක්ස් ඔෆිස් වාර්තාවන් බිදගෙන ජේලර් ඉදිරියටම ඇදෙනවා කියලනම් කියන්න පුලුවන් .

කතාව ගැන බලමු.
හිටපු ජේලර් ටයිගර් මුතුවේල් පාන්ඩියන්ගේ පුතාව පැහැරගෙන මරලයි කියල කියවෙන්නේ. ඒකට පලිගැනීම ආරම්භ කරන මුත්තුට හොද සම්බන්ධක්ම් ඉන්දියාව පුරා තියෙනවා. ඉතින් පුතාගැන විස්තරත් ටයිගර් මුතුවේල් මොකක්ද කලේ කියන එකත් ෆිල්ම් එකෙන්ම බලන්න ඕන.

 

 

 


මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Comments

August 30, 2023

480 p issara hoda balanna puluwan quality ekata thibba bn dn enna enna 480p eke quality eka adu wenawa wage bn

August 30, 2023

Direct download error

August 30, 2023

Download wenne nane

August 31, 2023

server 1 down again

August 31, 2023

සුපිරි ෆිල්ම් එක හැබැයි ඉන්සයිඩ් සිනමා එකේ මේ ෆිල්ම් එක රිවිව් කරලා තිබ්බ එක බලපු හින්දා වෙනදේ කලින් දැනගෙන හිටියා ඒකයි මට වුනේ

August 31, 2023

Mekanam pattama lassana Movie ekak aa , Supiri [ Thank you CINESUBZ. > ]

September 2, 2023

Great film

September 4, 2023

❤️👌👍