EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Jalan Pulang (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Aditya Kees, Biandi Gagah, Ihsan Achdiat, Jeropoint, Robert Armand
Cast
Go Full Cast PageJalan Pulang (2025) | ගෙදර යන පාර
Jalan Pulang කියන්නෙ 2025 අවුරුද්දෙ ආපු ඉන්දුනීසියානු අද්භූත, හොල්මන් සහ ඩ්‍රාමා ගණයෙ ෆිල්ම් එකක්. මේක 2025 ජූනි 19 වෙනිදා ඉන්දුනීසියාවේ තිරගත කිරීම පටන්ගත්තා.
මේ කතාවෙන් කියවෙන්නෙ අද්භූත බලවේගයකින් තමන්ගෙ දරුවව බේරගන්න උත්සාහ කරන ලස්ටිනි කියන අම්මා කෙනෙක්ගෙ කතාවක්. ලස්ටිනි විශ්වාස කරන විදිහට එයාගෙ දුව අරුම්ට තියෙන්නෙ සාමාන්‍ය ලෙඩක් නෙවෙයි, ඒ ළමයව ආවේශ කරගෙන ඉන්න අද්භූත බලවේගයක ප්‍රතිඵලයක්. මේ අද්භූත බලවේගය තමයි ලස්ටිනිගේ කුඩම්මා වුණු මර්සිනා ගෙ හොල්මන.
අධික අවුරුද්දක යෙදෙන අරුම්ගෙ උපන්දිනේ දවසෙදි මේ අද්භූත කරදරේ දරුණුම අඩියට එන්න කලින් තමන්ට තියෙන කාලය සීමිත බව දන්න නිසා, ලස්ටිනි එයාගේ අනිත් දරුවො දෙන්නා වුණු ලියා සහ රාමා එක්ක එකතු වෙලා, මේ වැඩ දන්න අයගෙන් (කට්ටඩි) උදව් හොයාගෙන ගමනක් යනවා. ඒත්, මේ දරුවව බේරගන්න කරන උත්සාහය මැදදි, එයාලට කාලයත් එක්ක සටන් කරන්න වගේම අරුම්ගෙ ජීවිතේට එන්න එන්නම තර්ජනයක් වෙන බලවේග වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
රුම්ව බේරගන්න ලස්ටිනිටයි එයාගෙ දරුවො තුන්දෙනාටයි උදව් හොයාගන්න පුළුවන් වෙයිද?
ටිකක් හොඳට බැලුවොත්, 2025 ජූනි 25 වෙනිදා වෙද්දි මිලියනයක ප්‍රේක්ෂක සීමාව පහු කරපු මේ ෆිල්ම් එකෙන්, බයයි tension එකයි විතරක් නෙවෙයි, වක්‍රාකාරව කියන ගොඩක් සදාචාරාත්මක පණිවිඩත් දෙනවා. මේ සදාචාරාත්මක පණිවිඩ කතාවෙ මුල ඉඳන් අග වෙනකල්ම අපිට දකින්න පුළුවන්.
Share
Links
Comments












