EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Jannat: In Search of Heaven… (2008) | දිව්‍යලෝකයක් සොයා

 

මේ ෆිල්ම් එක අධයක්ෂනය කලේ Kunal Deshmukh. මේක තමා එයාගෙ පලවෙනි සිනමා අධ්‍යක්ෂණය. Tum Mile (2009), Jannat 2 (2012), Raja Natwarlal (2014), Shiddat (2021) සිනමා නිර්මාන අධ්‍යක්ෂනය කලෙත් මෙයාම තමා. ඒ වගේම මේ ෆිල්ම් එකේ ප්‍රධාන රංගනැය්න් දායක වෙන්නේ Emraan Hashmi. අහන්න දෙයක් නෑනේ Emraan Hashmi ඉන්නවා කියන්නේ ඒ ෆිල්ම් වල හුගාක් ලස්සන සිංදු තියෙනවා, එයාගේ නමින් ගොඩාක් බ්ලොක්බස්ටර්ස් ෆිල්ම් නොතිබුනාට චාර්ට් ෂෝ වල උපරිමයටම ගියපු සිංදු එයාට හම්බෙල තියෙනවා. Sonal Chauhan, Javed Sheikh, Samir Kochhar, Vishal Malhotra යන අයත් රංගනයෙන් දායක වෙනවා මේ ෆිල්ම් එකට.

ඒ වගේම මේ ෆිල්ම් එක නිෂ්පාදනය කලේ Mukesh Bhatt විසින්. සංගීත අධ්‍යක්ෂනය කලේ Pritam විසින්. අහලා බලන්නකො ෆිල්ම් එකේ සිංදු. මේ සිංදු වගේම මේ කතාවත් ලස්සනයි. මං මේ ෆිල්ම් එකට සබ් කරන්නම කැමති උනේ මේ ෆිල්ම් එකේ තියෙන සිංදු හිංදා.

එහෙනම් ඔන්න ෆිල්ම් එකේ කතාව මොන වගේද කියන්නම්. අර්ජුන් කියන්නේ දියුණු වෙන්න ලොකු ආසාවකිං ඉන්න කෙනෙක්. ඒත් එයා එක අවස්ථාවක එයාට හිතෙනවා අවංකව වැඩ කරල මොනාද එයාට හම්බ කරගන්න පුළුවන් කියලා. ඉතිං එයා අඩු කාලෙං අඩු මහන්සියකිං වැඩි සල්ලි ප්‍රමානයක් හොයා ගන්න රස්සාවක් කරනවා. ඉතිං ඒ රසාවට එයාගෙ පෙම්වති වෙන සෝයා කැමති වෙන්නේ නෑ. එයාගෙ යාළුවා විශාල් දැඩි අකමැත්තකිං මේකට කැමති වෙලා අර්ජුන් එක්ක මේක කරගෙන යනවා.

අර්ජුන් කරන ඒ රස්සාව මොකක් ද?. එකෙන් එයා ජීවිතය දිනාගත්ත ද? ඒක දැනගන්න නං අනිවාර්‍යෙන් මේ සිනමාපටය නරඹන්න කියල මං ආරාධනා කරනවා.

Comments

March 12, 2025

Jannat 2 ekak dapan ikmanatama machan