CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Johnny English Strikes Again (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Carole Schmidlin Blanchard, Dan Marsden, David Kerr, David Underwood, Diane Capo, Élodie Krauss, Eugenie Lavieille, Gary Richens, Giulia Patanè, Janet Kellock, Jeanette McGrath, Katie Harlow, Katrina Mense-Chase, Laura Moloney, Lizzie Maxwell, Mac Montero, Michael Altoft, Neil Wallace, Nic Pringle, Paul Cathie, Paula C. Frías, Phil Booth, Phoebe Billington, Phoebe Vale Markham, Stephan Pehrsson, Vic Armstrong
Cast
Go Full Cast PageJohnny English Strikes Again (2018)| ජොනි නැවතත්!
ඔන්න වැඩි දෙනෙක් පුල පුලා බලාසිටි සිනමාපටයක් අරගෙන ආවා. නම කියන්න ඕන නැහැනේ කවර් එක දැක්කම ඕන කෙනෙක් අදුරගන්නවනේ මොකක්ද අරගෙන ඇවිල්ල තියෙන භාණ්ඩේ කියල.. First Man 2018 එකයි, මේකයි දෙකම එකට වගේ ආව නිසා වැඩේ පොඩ්ඩක් හිරවුණා. කොහොම හරි ඔන්න හැකි ඉක්මනට ගෙනාව 😀
මේ තමයි Johnny English (2003) සහ Johnny English Reborn (2011) කියන චිත්‍රපට ද්විත්වයේ තෙවැනි දිගහැරුම. මිස්ටර් බින් වෙනයි ජොනි ඉංග්ලිශ් වෙනයි හරිද? ඒ දෙක පටලවාගෙන ඉන්නවා තවම ගොඩක් අය. මේ දෙක චරිත දෙකක්. ජොනි ඉංග්ලිශ් කියන්නේ හොඳ පුහුණුවක් ලබපු බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයට අනුයුක්තව සේවය කරන නියෝජිතයෙක්. පහුගිය සිදුවීම් ගැන මතක් කරන්න ඕන නැතුව ඇති කියල හිතනවා. අනිත් කාරණේ ඉතිං පරණ ෆිල්ම් දෙක බලල මේක බලනවා නම් වටිනවා.. නැත්නම් කිසි ගතියක් නැතිවෙයි එක පාරම මේක බැලුවොත්.
ජොනි ඉංග්ලිශ් සිනමාපට පෙලින් මේ වෙනකොට වැඩිම IMDB අගයක් ලබාගත්ත සිනමාපටය තමයි මේක. ඒ 6.5ක අගයක්. David Kerrගේ අධ්‍යක්ෂණයෙනුත්, මිට පෙර ජොනි ඉංග්ලිශ් සිනමාපට පෙලේ කතාව රචනා කරමින් දායක වෙච්ච William Daviesගේ රචනයෙනුත්, Rowan Atkinson, Ben Miller, Olga Kurylenko වැනි සුපුරුදු ජොනි ඉංග්ලිශ් සිනමාපට පෙළෙහි රංගනයෙන් දායක වූ පිරිසක් එක්කම එකතු වෙලා තමයි මෙවර වැඩේ පිළිවෙලක් වෙලා තියෙන්නේ.ඒ වගේම වැඩේට ඩොලර් මිලියන 25ක් වියදම් වෙනකොට ඩොලර් මිලියන 150+ ආදායමක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා 😀
මෙදා සැරේ කතාව පටන් ගන්නකොට ජොනි ඉන්නේ පාසලක පොඩි ළමයින්ට උගන්වන ගමන්. ඒ කියන්නේ ජොනි මේ වෙනකොට රහස් නියෝජිත තනතුරින් ඉවත් වෙලා. මතක ඇතිනේ දෙවැනි එකේ වෙච්ච සිද්දි ටික. ඉතිං එක පාරම හදිසියේ බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ සියලුම රහස් නියෝජිතයින්ව හෙළිදරව් වෙනවා… ඊට පස්සේ මේ වැඩේ උනේ කොහොමද කියල හොයන්න මේ වෙනකොට ජිවත් වෙලා ඉන්න තමන්ගේ අනන්‍යතාව හෙළිදරව් වෙලා නැති විශ්‍රාමික නියෝජිතයින් පිරිසක්ව නැවත රාජකාරියට කැඳවනවා… හැබැයි ඉතිං අන්තිමේදී මෙහෙයුම බාරදෙනකොට ඉතුරු වෙන්නේ ජොනී විතරයි 😀 ඒකට වගකියන්න ඕනත් ඉතිං ජොනිම තමා.. එහෙනම් ඉතිං තමන්ගේ සුපුරුදු සහයකයා එක්ක මෙදා සැරේ ජොනි හැප්පෙන්නේ කවුරු එක්කද කියල බලාගන්නත්, ජොනීගේ වැඩ ගැන බලාගන්නත් ඔයාලට බාරයි..
- Johnny English (2003)
- Johnny English Reborn (2011)
- Johnny English Strikes Again (2018)











