EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Truth Behind the Lie

Jothi (2022) Sinhala Sub
Jothi (2022) Sinhala Subtitle
Jothi (2022) Sinhala Subtitles

2022 ජුලි මස 28 වනදා සිනමාශාලා වල තිරගතවීම් ආරම්භ වාන මෙම දමිළ චිත්‍රපටයේ අධ්‍යක්ෂනය වගේම තිර පිටපත නිර්මාණය කරන්නේ A.V. Krishna Paramatma මහතා විසින් වන අතර මෙහි නිෂ්පාදන කටයුතු S. P. Rajasethupathi මහතා විසින් කර ඇත. මේ වන විට IMDb මීටරය තුල 6.7/10 ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටය පැයකුත් විනාඩි 55 පුරාවට ඉතාමත් කුතුහලයෙන් නැරඹිය හැකි චිත්‍රපටයක් කියලා සහතික වෙන්න පුලුවන්.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස රංඟනයෙන් දායක වන්නේ කවුද කියලා නම් ඔයාලා දන්නවා ලඟදි ගොඩක් කතාබහට ලක් උන ජීවී 2 දමිල චිත්‍රපටයේ හිටිය නලුවා මතකද මේ එයා තමා නමින් Vetri ඒ වගේම මෙහි ප්‍රධාන නිලිය ලෙස රංඟනයෙන් එක් වන්නේ Sheela Rajkumar . සහ ඊට අමතරව Mime Gopi , Kumaravel , Krisha Kurup , Sheela Rajkumar වැනි එදිනෙදා සිනමාවේ අපේ ඇස ගැටෙන තවත් දක්ෂ රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංඟනයෙක් එක් වෙනවා.

කතාව ගැන ටිකක් කියන්නම්.

අපේ කතාවෙ ප්‍රධන නිලියගෙ නම තමා ජෝති කියන්නේ , ජෝති දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්. මේ අතර තමා රටේ දරුවන් පැහැර ගැනීමක් ගැන ගොඩක් උණුසුම් විදිහට වාර්තා වෙන්නේ. කොහොමින් කොහොම හරි මේ අය ලස්සනට ජීවිතේ ගත කරන් යන අතරදී තමා හදිස්සියේම එක රැයක ජෝතිට හම්බවෙන්න දවස් 4 ක් තියෙද්දී ඇගේ බඩ කපලා ඇගේ දරුවාව කවුරු හරි හොරකම් කරගෙන යන්නේ.

මෙතනින් එහාට මම මොකුත් කියන්නේ නෑ , අනිවාරෙන්ම බලන්න මේක එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවත් හිතැතිව අදට මම සමුගන්නම්.

Comments