EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

JSK – Janaki vs State of Kerala (2025) | අයිතිය

 

ආයුබෝවන් ඔන්න අද අළුතින් නිකුත් උන තවත් ලස්සනම ඒ වගේම අමුතුම මලයාලි කතාවක් රැගෙන ආවා. මේක උසාවි කතාවක්. ඒ නිසා දිගටම තියෙන්නෙ හර බර දේශන රැසක්. ඒත් ඒ යටින් ඉතාම සංවේදී කතාවක් දිව යනවා.

කාලෙකට පස්සෙ මෙගා තරුව සුරේෂ් ගෝපි එහෙම නැත්තම් කේරළයේ සිටින එකම හා ප්‍රථම බී ජේ පී ලෝක් සභා මන්ත්‍රී වරයා සහ ඇමති වරයා අපට දැක ගන්න ලැබෙනවා. ඒ සමග අනුපමා පරමේශ්වරන්, ඍති රාමචන්ද්‍රන් ආදී නළු නිළියන් රැසක් රඟපානවා. ප්‍රවීන් නාරායන් විසින් මෙය ලියා අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක්.

කාන්තාවකට තම කැමැත්තෙන් තොරව දරු ගැබක් දැරිය හැකිද? එමෙන්ම කලලයකට ජීවත් වීමේ අයිතියක් තිබෙනවාද? ඉතා සංවේදී සිදුවීමක් නිසා තරුණියකට ඇති වන අවාසනාවන්ත සිදු වීමක් මේ ප්‍රශ්ණ සමග මහාධිකරණය දක්වා යනවා.

කාට හරි කියන්න පුළුවන්ද මගේ ශරීරයේ මගේ කැමැත්තක් නැතුව මේ දරුවා දරන්න මම බැඳිල ඉන්නවද කියල? මේක තමයි ඇය අහන්නෙ. ඉතිං සාකච්ඡාවට බඳුන් කල හැකි ගොඩක් කරුණු ඇති. ඒකට මේක බලලම ඉන්න. ඉතා ගැඹුරු දෙබස් නිසා සෑහෙන්න ප්‍රවේශමෙන් මේක කරන්න උත්සාහ කලා. ඒ නිසයි ප්‍රමාදය.

ඉතිං උසාවි කතන්දර බලන්න කැමති අයට මේක විශේෂයි

Comments