EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageJust Breathe (2025) | “ සන්සුන් ”
“Just Breathe” කියන්නේ මේ අවුරුද්දේ නිකුත් වුණ Crime ගණයට වැටෙන පැය එකකුත් විනාඩි තිස් හයක ධාවන කාලයක් හිමි සිනමාපටයක්.. Paul Pompa III ගේ තිර පිටපතෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ නිර්මාණයට Kyle Gallner, Shawn Ashmore සහ William Forsythe යන ජනප්‍රිය නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.
කතාව මෙහෙමයි.. “නික් බියන්කෝ” කියන්නේ හොඳම එකෙන් කේන්ති යන වගේම පිටකරන මනුස්සයෙක්.. අපේ භාෂාවෙන් කීවොත් නහුතෙටම මල පනින කෙනෙක්.. ඉතින් මේ හින්දා මෙයාගේ වටේ ඉන්න අයට හොඳ හොඳ පරිප්පු සෙට් වෙලා තියෙනවා.. මෙයා වැඩ කරපු තැන බොස්ටත් හොඳවයින් දෙකක් මූණ සමතලා වෙන්න ඇරලා කොහොමහරි එතනින් දොට්ට වැටිලා දැන් සොච්චම් පඩියකට තැනක වැඩ කරනවා.. උපදේශන සේවාවකටත් සහභාගී වෙන නික් ට ඉන්නවා “මෙල්” කියලා ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්.. මෙයත් එක්ක එළියට ගිහින් ඉද්දි එතනදිත් රණ්ඩුවක් වෙලා කෙනෙක්ට හොඳටම ගහලා මේ මනුස්සයා අවුරුද්දකට හිරේ යනවා.. එතනින් එළියට ආවම මෙයාට ඉන්න වෙන්නේ භාරකාරයෙක්/පැරෝල් කෙනෙක් ‘එහෙමත් නැත්තම් හිරෙන් ආපු ගමන් අදාළ කෙනා අධීක්ෂණය කරන්නෙක් යටතේ.. මෙයාගේ නම “චෙස්ටර්”
චෙස්ටර් කියන්නේ නික් හිරේ ඉන්න කාලේ මෙල් එහෙමත් නැත්තම් නික් ගේ කෙල්ල හිටිය එපාට්මන්ට් එකේ අයිතිකාරයා.. මෙයා හරිම සැක කටයුතු මනුස්සයෙක්. කොහොමහරි හිරෙන් ආව නික් ට සැක හිතෙනවා මෙල් එක්ක චෙස්ටර් ට සම්බන්ධයක් තියෙයිදෝ කියලා.. ඉතින් අර වගේ තද වෙන කේන්තිකාරයෙක්ට තමන් පණ වගේ ආදරේ කරන කෙල්ලට තියෙන වෙන සම්බන්ධයක් ගැන දැනගන්න ලැබුණාම මොනවයින් මොනවා වෙයිද සහ චෙස්ටර් යටින් ගහන ගේම මොකක්ද කියලා දැනගන්න නම් මේ අපූරු සිනමාපටය බලලම ඉන්න වෙනවා..






