EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageKannur Squad (2023) | කන්නුර් බලකාය
මලයාලම් චිත්‍රපට බොහොමයක්ම වගේ මේකත් පොලිස් කතාවක්.මේකෙ ප්‍රධාන චරිතය ජෝජ් නම් පොලිස් පරීක්ෂක වරයා. කන්නූර් පොලිස් බල ප්‍රදේශයේ විශාල අපරාධ හා මිනීමැරුම් ,අභිරහස් විසඳීම සඳහා ඇති කරන ලද හතර දෙනෙක්ගේ කුඩා පොලිස් බලකායක් තමයි කන්නූර් බලකාය.ඒකට නායකත්වය දෙන්නෙ ජෝජ්.ප්‍රදේශයේ දේශපාලන බලය නිසා වගේම පොලිස් දෙපාර්තමේන්තුවේම කෙණහිලි මැද විශාල සේවයක් ඉටු කරන ඔවුන්ට වෙනත් පෞද්ගලික ගැටළු නැතිවා නොවේ.ඒ නිසාම මේකෙ ඉන්න එක නිලධාරියෙක් අල්ලස් දැලකට පැටලෙනවා. මාධ්‍ය මගින්ද මේ ක්‍රියාව උළුප්පා ඩ්ක්මදැ නිසා මෙම ඒකකය විසිරුවා දැමෙන්නෙ එහි සියළු දෙනාටම කළු පැල්ලමක් ඉතුරු කරමින්.
යාබද කාසර්ගොඩ් බල ප්‍රදේශයේ දේශපාලකයෙකුගේ ඝාතනය නිසා විශාල මහජන කළඹීමක් ඇති වෙන්නේ මේ අවස්ථාවේදී. ඇති වෙන පීඩනය නිසා කර කියා ගන්න බැරි වෙන රජය ඒ පීඩනය පොලිසියට පවරන්නේ ඉතා කෙටි කාලයකින් මිනීමරුවන් නීතියේ රැහැනට හසු කර දෙන ලෙස නියෝග කරමින්.ඒ අනුව වෙන කරන්න දෙයක්නැති නිසා පොලිසිය නැවත කන්නූර් බලකායට මේක බාර දෙන්නේ දින දහයක කාල සීමාවක් සමග. වැඩ පටන් ගන්නා කන්නූර් බලකාය හෝඩුවාවල් ඔස්සෙ යමින් අපරාධකරුවන් ලුහු බඳින්න පටන් ගන්නවා.මේ ලුහු බැඳීම කේරළයෙන් පටන් ගෙන ඉන්දු නේපාල් බෝඩරය දක්වාම දිව යනවා.ඒක තමයි මේකෙ කතා පුවත.
දිනෙන් දින එල්ල වෙන පීඩනය හා දූෂිත නිලධාරියෙක් එහි සිටීම නිසා මහ ඇමති වරයා මෙම බලකාය විසිරුවා හැර මධ්‍යම අධිකාරියට විමර්ශන භාර කරන්නේ මෙහෙයුම නම වන දිනයේදී. ඒ වෙන කොට අපරාධ කරුවන් බෝඩරයෙන් පිට පැනීමට ඉතා ආසන්නයේ. ජෝජ් ඇතුළු පිරිස ඔවුන් වළක්වා අත් අඩංගුවට ගැනීමට කරන අවසන් උත්සාහය අතර තුර ඔවුන්ට නැවත පැමිණීමේ නියෝගය ලබෙනවා. ඉන්පසු…
Roby Varghese Raj ගේ අධ්‍යක්ෂනයක් වන මෙහි Rony David Raj ,Shabareesh Varma ,Azees Nedumangad සහ Vijayaraghavan වැනි නළුවන් දැක ගත හැකියි.










