EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Kedarnath (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Abhishek Kapoor, Mayur Sharma, Pooja Kadam, Varun Lalwani, Vipul S Arora
Cast
Go Full Cast PageKedarnath (2018) | ආදරයත් එක්තරා වන්දනාවක්…
2018 වසරේ දෙසැම්බර් මස 7 වැනිදා තිරඟත විම ආරම්භ කරපු ඉතාමත් ලස්සන චිත්‍රපටියක් තමයි අද ඔයාලා වෙනුවෙන් මේ අරන් ආවේ. Kai Po Che,Fitoor වැනි චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු Abhishek Kapoor විසින් අතින් තමයි මේ චිත්‍රපටියත් නිර්මාණය වෙන්නේ… ප්‍රධාන චරිත ලෙස ඔබ කවුරුත් දන්න Sushant Singh Rajput හා… ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන් ගේ දියණිය වන Sara Ali Khan රංඟනයෙන් දායක වෙනවා.
මේ චිත්‍රපටියට පාඨක වෙන්නේ 2013 දි සිදුවු කේදාර්නාත් වල ඛේදවාචකයයි… මෙය මැත ඉතිහාසයේ 2004 සුනාමියට පසුව ඉන්දියාවේ සිදුවු විශාලතම ස්වාභාවික ව්‍යවසනයද වනවා… එය පන්දහසක් පමණ දෙනාට මරණය ලං කරලා දුන්නා වගේම අදටත් 70000 පමණ පිරිසක් අතුරුදහන්ව පවතිනවා… මේ කේදාර්නාත් විශේෂ වන්නේ එහි තිබෙන ශිව මන්දිරය නිසා. කිලෝ මිටර් 14ක් පමණ දුරක් තරණය කරලා තමයි බැතිමතුන්ට මේ දේවාලය වැද පුදා ගැනිමට හැකි වෙන්නේ…නමුත් 2013 කේදාර්නාත් වල මේ ඇතිවු ගංවතුරින් මේ මන්දිරයට නම් කිසිම හානියක් සිදුවෙලා නැහැ. ඒකට හේතුවකුත් තියනවා… මේ ගංවතුරේ සැඩ පහර මහල් ගණන් ගොඩනැගිලි බිමට සමතලා කරමින් ඇදි ගියාත් මේ මන්දිරයට කිසිවක් නොවිම එක් අතකින් ආශ්චර්යක් වෙනවා. ගංවතුර පටන් ගන්නා විටම අසල කන්දකින් වැටෙන ලොකු ගල් පර්වතයකින් එන සැඩපහර මන්දිරයට එක එල්ලේ ගැටිමට නොදි වතුර පහර වෙනස් කර යාමට සැලැස්වු බව තමයි වාර්තා වල කියවෙන්නේ.. මේ පිළිබද සැබැ ඡයාරුප වගේම ගවේෂනාත්මක වාර්තා වැඩසටහන් යු ටියුබ් තුලද ඔබට නැරබිමට හැකියාව තිබෙනවා. 2013 North India floods යනුවෙන් සෙවිමක් කරා නම් වැඩි විස්තර ඔබට ලබා ගන්න පුලුවන්..



