EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Khajuraho Dreams (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Manoj Vaasudev
Cast
Go Full Cast Pageකජුරාහෝ සිහින චාරිකාව
මේකෙ නමත් එක්ක තමයි මුල්ම කුතුහලය එන්නේ. කජුරාහෝ දේවාලය ගැන අහල නැත්තම් ගූගල් සර්ච් කරල බලන්න. 11 වන සියවසේ ගොඩ නගන ලද මේ කාමයට කැප උන දෙවොලේ අඩංගු ශිලා මූර්තී සහ කැටයම් වල නිරූපනය වෙන්නේ විවිධ ලිංගික ඉරියව්.
මේකෙ කතාව තියෙන්නෙ කේරලේ ඉඳල සැතපුම් දහස් ගාණක් දුර මධ්‍ය ප්‍රදේශ් වල කජුරාහෝ බලා බයිසිකල් සංචාරයක් යන කේරළ තරුණ පිරිසක් ගැන. ඔවුන් මෙහි යන්නෙ කජුරාහෝ කැටයම් බලන්නම නෙමෙයි. ඒ පළාතේ ගමක් හා බැඳුනු සිරිත් විරිත් සම්බන්ධ කතා පුවතක් මගින් මැවුනු යටි අදහසකුත් සමහරුන්ගෙ හිතේ තිබෙනවා. ඉන්දියාවේ සමහර පළාත් වල දේවදාසි සංකල්පය හා බැඳුනු සිරිත් විරිත් තිබෙනවා. පාරම්පරිකව දෙවියන්ගේ සේවයට කැප වෙන කාන්තාවන් අනිත් අතට වෛශ්‍යා වෘත්තියේ නිරත වෙනවා. සුරූපී කාන්තාවන් සිටින මේ ගමේ විවාහ සති දෙකකට සීමා වෙන බවත් ඉන් පසු දික්කසාද වෙන ඔවුන් ඉන්පසු සිය පාරම්පරික දේවදාසී වෘත්තියේ කටයුතු කරන බව කියැවෙනවා. මේ කතන්දරය තමයි තරුණයෝ සිව් දෙනෙක් හා තරුණියක් කජුරාහෝ බලා යන්න යොමු කරන්නේ. ඉතින් ඒ ග්මේ විවිධ ත් දැකීම් වලට මුහුණ දෙන ඔවුන්ට තම අදහස් සාක්ෂාත් කර ගැනීමට හැකි වෙයිද කියන එක තමයි බලන්න වෙන්නේ. ඇත්තටම තව ටිකක් කොමඩි පැත්තට බර කලා නම් මේක ගොඩක් හොඳ රේටිං එකක් ගන්න තිබුන ප්ලොට් එකක් කියල කියන්න ඔනෙ.
අර්-ජුන් අශෝකන්, ශ්‍රීනාත් බාසි ඉන්න නිසා තමයි මේක බලන්න හිතුනෙ. තව ශරාෆ් යූ ඩීන්, ඩෘවන්, රාජ් අර් ජුන්, අදිටි රවි වැනි නළු නිලියන් රැසක් රඟපාන මෙහි අධ්‍යක්ශණය මනෝජ් වාසුදේව්ගේ. එහෙනම් බලන්න.


