CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1920 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Khamoshi: The Musical (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Khamoshi: The Musical (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 09, 1996India159 Min.
Your rating: 0
8 1 vote
Khamoshi the Musical (1996) AKA Khamoshi: The Musical | නිහඬ පෙම…

කාලෙකට පස්සේ චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන මේ පැත්තට ආවා, සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටයක් තමා අරගෙන ආවේ, 1996දී තිරගත වුණු Khamoshi: The Musical චිත්‍රපටය තමා මම මේ පාර අරගෙන ආවේ.

Hum Dil De Chuke Sanam (1999), Devdas (2002), Black (2005), වැනි සම්මානනීය, ජනප්‍රිය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ සංජේ ලීලා බන්සාලිගේ මුල්ම සිනමා සලරුව තමයි කාමෝෂි කියන්නේ. කතාව ලියා ඇත්තේ ද ඔහු විසින්.

මනීෂා කොයිරාළ, සල්මන් ඛාන්, නානා පටේකාර්, සීමා බිස්වාස්, හෙලන්, රඝුවිර් යාදව් රංගනයෙන් දායක වෙයි. මනීෂා මෙන්ම නානාගෙන් ද අද්විතීය රංගනයක් මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්. එවර පැවතුණු ෆිල්ම්ෆෙයාර් සම්මාන උළලේ හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහය නිළිය ඇතුළු සම්මාන දහතුනකට ජනප්‍රිය අංශයෙන් නිර්දේශ වුණු අතර එය එවර එක් චිත්‍රපටයක් සඳහා ලැබුණු වැඩිම නිර්දේශ බවට පත්විය, ඉන් හොඳම ගායිකාව ලෙස කවිතා ක්‍රිෂ්ණමූර්ති සහ හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම ශබ්දප්‍රයෝග සම්මාන ත්‍රිත්වය හිමිකරගත් අතර විචාරක අංශයේ හොඳම චිත්‍රපටය කාමෝෂි විය, විචාරක අංශයේ හොඳම නිළිය වුණේ කාමෝෂි වෙනුවෙන් මනීෂා කොයිරාළයි.

කතාව කිව්වොත්, ජෝසෆ් සහ ෆ්ලෙවි කියන්නේ ගෝආවල ජීවත් වෙන ගොළු බිහිරි යුවලක්, මේ යුවලගේ දියණිය වන ඇනීගේ කතාව තමා මේ චිත්‍රපටයේ දිගහැරෙන්නේ, ඇය තමන්ගේ ආශාවන් පසෙක ලා සම්පූර්ණ අවධානය යොමු කරන්නේ තමන්ගේ ගොළු බිහිරි දෙමාපියන්ට, අයගේ මිත්තණියගේ ආභාෂයෙන් ඇය සංගීතයට ප්‍රියයි, නමුත් තම මාපියන්ට සංගීතයට සවන් දෙන්න බැරි නිසා ඇය දෙලොවක් අතර තනි වෙනවා. ඔහොම කාලය ගෙවෙනකොට ඇයට රාජ්ව මුණ ගැහෙනවා… මේක සංවේදී, සංගීතමය කතා පුවතක්.

මේක සංගීතමය චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. ජතින් – ලලිත් දෙපලගේ සංගීතයෙන්, මජ්රූහ් සුල්තාන්පූරිගේ පද රචනයෙන් හැඩවුණු ජනප්‍රිය ගීත රැසක් මේ චිත්‍රපටයේ තිබෙනවා, මේ ගීත කවිතා ක්‍රිෂ්ණමූර්ති, අල්කා යාග්නික්, කුමාර් සානු, උදිත් නාරායන්, හරිහරන් වැනි විශිෂ්ට ගායක, ගායිකාවන් විසින් ගායනා කරනු ලබයි.

අනූව දශකයේ හින්දි සිනමාවේ සොඳුරු කතන්දරවලට ප්‍රිය කරන ඔබ අනිවාර්යයෙන් නැරඹිය යුත්තක් ලෙස මේක නිර්දේශ කරනවා.

Khamoshi: The Musical (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිසිත සමරතුංග (සිසියා) (Baiscopelk)
IMDb 7.5 /10 4,631 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Those Who Wish Me Dead (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oh My Kadavule (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thallumaala (2022) Sinhala Subtitles
Kushi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paris Jeyaraj (2021) Sinhala Subtitles
The Green Knight (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kiss (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brahmastra Part One: Shiva (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Finch (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Million Miles Away (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kayamai Kadakka (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Intruder (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published