EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

කිලාඩි

මේ චිත්‍රපටය නිකුත් වුණේ 1992 අවුරුද්දේ. අධ්‍යක්ෂණය කළේ අබ්බාස්-මස්තාන් සුසංයෝගය. අක්ෂේ කුමාර් එක්ක අයේෂා ජුල්කා, දීපක් තිජෝරි සහ සබීහා මෙහි ප්‍රධාන චරිත රඟපානවා. මෙය හුදෙක් ආදර කතාවක් විතරක් නෙවෙයි, කුතුහලය පිරුණු සුපිරි ත්‍රාසජනක චිත්‍රපටයක්.

මේ චිත්‍රපටයේ තියෙන විශේෂම දේ තමයි එහි සංගීතය. ජතින්-ලලිත්ගේ සංගීතයට නිර්මාණය වුණු “Wada Raha Sanam” වගේ ගීත අදටත් අතිශයින්ම ජනප්‍රියයි. චිත්‍රපටය බලද්දි ඒ ලස්සන අඩුවක් නොවෙන්න ඕන නිසාම, මම මේ චිත්‍රපටයේ එන ජනප්‍රිය ගීත සියල්ලටම උපරිම සාධාරණයක් ඉෂ්ට කරමින් සිංහලට පරිවර්තනය කළා. ඒ ගීතවල රසයත් එක්කම චිත්‍රපටය විඳින්න ඔයාලට පුළුවන්.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්, රාජ් (අක්ෂේ කුමාර්) කියන්නේ කොලේජ් එකේ ඉන්න දඟකාර තරුණයෙක්. එයාගේ යාළුවෝ තමයි බොනී, ශීතල් සහ නීලම් කියන්නේ. මේ හතර දෙනාගේ විනෝදාංශය තමයි ඔට්ටු ඇල්ලීම. හැබැයි මේ අය විනෝදෙට කරන එක ඔට්ටුවක්, එයාලගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. හිතාගන්නවත් බැරි විදියට මෙයාලා මිනීමැරුම් නඩුවක පැටලෙනවා. ඇත්තටම මිනීමැරුවේ කවුද? මේ හතර දෙනාට මොකද වෙන්නේ? ඒක දැනගන්න නම් අනිවාර්යයෙන්ම චිත්‍රපටය බලන්නම වෙනවා.

Comments