CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2563 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Kingdom of the Planet of the Apes (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kingdom of the Planet of the Apes (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 08, 2024United States145 Min.
Your rating: 0
9.1 36 votes
Kingdom of the Planet of the Apes (2024) | සීසර්ගේ නාමයෙන්

 

දැන් චිත්‍රපටිය පැත්තට යමු. අද මං අරන් ආවේ අලුතින්ම නිකුත්වුණ ඔයාලා එනකල් බලාගෙන හිටිය Planet of the Apes චිත්‍රපටි මාලාවේ අලුත්ම චිත්‍රපටිය,

Kingdom of the Planet of the Apes (2024).

ඔරිජිනල් Planet of the Apes චිත්‍රපට මාලාව ආරම්භ වෙන්නේ 1968 අවුරුද්දේදී. ඔරිජිනල් සීරිස් එකට චිත්‍රපටි 5ක් අයිති වෙනවා. නම් වශයෙන් කීවොත්,

1. Planet of the Apes (1968)

2. Beneath the Planet of the Apes (1970)

3. Escape from the Planet of the Apes (1971)

4. Conquest of the Planet of the Apes (1972)

5. Battle for the Planet of the Apes (1973)

අවුරුදු වලින් බැලුවාම ඔයාලට පේනවා ඇති අවුරුද්දෙන් අවුරුද්ද එක දිගට මේ චිත්‍රපටි 5 නිකුත්වෙනවා. ඒ වගේම ඒ කාලයේදී සෑහෙන ජනප්‍රියත්වයක් වගේම ආදායම් අතින් ඉහළ ලබාගන්න සමත්වෙනවා.

ඒ සාර්ථකත්වය නිසාම 1974දී ලයිව්-ඇක්ෂන් ටෙලිවිෂන් සීරිස් එකක් සහ 1975දී ඇනිමේෂන් සීරිස් එකක්ද නිර්මාණය වෙනවා.

ඊටපස්සේ අවුරුදු 28කට පස්සේ, ඒ කියන්නේ 2001 අවුරුද්දේදී ආපහු Planet of the Apes චිත්‍රපටියක් නිර්මාණය වෙනවා. ඒ රීමේක් එකක් විදිහට, Planet of the Apes නමින්ම.

ආදායම් අතින් සාර්ථක වුණත් කතාව තුළ තිබුණ ව්‍යාකූලත්වයට සහ අවසානය ගැන මිනිස්සු ප්‍රශ්න කරන්න ගත්තා. මේ හේතු නිසා අන්තිමට FOX ආයතනය තීරණය කරනවා මේ රීමේක් සීරිස් එක නතර කරලා දාන්න.

ඔන්න දැන් තමයි අපි දන්න අපි වැඩියෙන්ම ආස කරන Planet of the Apes චිත්‍රපටි මාලාව ආරම්භ වෙන්නේ. ඒ ඔරිජිනල් සිරීස් එකේ රීබූට් එකක් විදිහට. ඊටපස්සේ 2011 ඉඳලා පිළිවෙළින්,

1. Rise of the Planet of the Apes (2011)

2. Dawn of the Planet of the Apes (2014)

3. War for the Planet of the Apes (2017)

චිත්‍රපටි 3 නිකුත්වුණා.

2019දී ඩිස්නි ආයතනය FOX හි හිමිකාරිත්වය ලබාගැනීමත් එක්ක සීරිස් එක තවදුරටත් නිර්මාණය කරනවා කියලා නිවේදනය කළා. සඳහන් වෙන විදිහට චිත්‍රපට 9ක් දක්වා ගෙනියන්න තමයි එයාලගේ බලාපොරොත්තුව.එතකොට මේ අද නිකුත්වුණ Kingdom of the Planet of the Apes (2024) කියන්නේ රීබූට් සිරීස් එකේ 4වෙනි ෆිල්ම් එක.

හරි දැන් වටපිටාව සුද්දයිනේ. අපි දැන් යමු චිත්‍රපටිය දිහාවට.

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Wes Ball සහ රචනය Josh Friedman. ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ Owen Teague, Freya Allan, Kevin Durand, Peter Macon, William H. Macy ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක්.

මේ කතාව වෙනකොට යුද්ධය ඇතිවෙලා (2017 චිත්‍රපටිය) අවුරුදු 300ක කාලයක් ගතවෙලා. ඒ කියන්නේ සීසර්ගේ කාලයේ ඉදලා සෑහෙන කාලයක් මේ වෙනකොට ගතවෙලා. අපි දන්න චරිත කිසිම එකක් දැන් ජීවතුන් අතර නෑ. ඒ වගේම ජනාකීර්ණ වෙලා තිබ්බ නගර දැන් සම්පූර්ණයෙන්ම කැළෑ බවට පත්වෙලා. විවිධ විවිධ තැන්වල ගෝත්‍ර විදිහට දැන් වානරයෝ ජනාවාස වෙලා.

දැන් ජීවත්වෙන කිසිම වානරයෙක් දන්නේ නෑ “සීසර්” කියන්නේ කවුද, මොනවා කරපු කෙනෙක්ද කියලා. අඩුම නමවත් අහලා නෑ.

විශේෂම කාරණය වෙන්නේ, අතීතය නොදන්න මේ වානරයෝ හිතන්නේ පෘථිවියේ ප්‍රමුඛ ජීවින් කොට්ඨාසය වානරයෝ මිනිස්සු කියන්නේ බුද්ධිය අඩු කතා කරන්න බැරි සත්තු ජාතියක් කියලා. මොකද දැන් මිනිස්සු දකින්න නෑ වගේම මිනිස්සු කරපු දේවල් දැකලා නෑ.

චිත්‍රපටියේ කතාව දිගහැරෙන්නේ නෝවා කියලා තරුණ වානරයෙක් වටා. රාජලියෝ ඇති කරන ගෝත්‍රයක තමයි ජීවත්වෙන්නේ. නිදහසේ සාමකාමීව ජීවත්වුණ මේ පිරිසට එකපාරටම ලොකු කරදයකට මූණදෙන්න සිද්ධවෙනවා. ඒ සීසර්ගේ නම පාවිච්චි කරලා දරුණු වානරයෝ පිරිසක් ගමට පහරදීලා හිරකාරයෝ විදිහට අල්ලාගෙන යනවා. තමන්ගේ අම්මා ඇතුලු පිරිස හොයන්න පිටත්වෙන නෝවාට රාකා කියලා ඔරංඔටන් කෙනෙක් සහ මේ කියලා ගෑණු ළමයෙක් ගමනට එකතුවෙනවා. මේවා එකපාරටම වුණ සිද්ධි නෙවෙයි හුගාක් දේවල් වෙලා තමයි මේ තුන්දෙනා එකතුවෙන්නේ.

ඉතින් ඊටපස්සේ මොකක් වෙන්න ඇද්ද, නෝවා තමන්ගේ අයව බේරගත්තද, මේ කියන ගෑණු ළමයා කවුද, සීසර් කියලා හැඳුන්නුවේ කාවද, වගේ දේවල් වලට උත්තර හොයාගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.

බලමු ඉස්සරහට මොකද වෙන්නේ, ආයෙත් මිනිස්සුයි වානරයෝයි එකට ජීවත්වෙයිද කියලා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුපුන් සදීප (Cinerulk )
IMDb 7.2 /10 57,150 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Wes Ball
Director

Cast

Similar titles

Levels (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rocketry: The Nambi Effect (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Manjummel Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Underworld: Awakening (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
CTRL (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spider-Man: No Way Home (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pinocchio (2022) Sinhala Subtitles
Escape (2024) Sinhala Subtitles   | සිංහල උපසිරැසි සමඟ |  18+
Abhilasham (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadhalikka Neramillai (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Roundup: Punishment (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Manamey (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Shyaman madusanka July 10, 2024 Reply

    Awesome

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published