CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
18369 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Kishkindhapuri (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Kishkindhapuri (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 12, 2025India125 Min.
Your rating: 0
10 4 votes
Kishkindhapuri (2025) | රේඩියෝවෙන් ඇහෙන මරණයේ හඬ! මේ තමයි “කිෂ්කින්ධපුරී”

 

රේඩියෝවෙන් ඇහෙන මරණයේ හඬ! මේ තමයි “කිෂ්කින්ධපුරී”

බෙල්ලම්කොණ්ඩ සායි ශ්‍රීනිවාස් එක්ක ලස්සන අනුපමා පරමේශ්වරන් එකතු වුණාම සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ලස්සන ආදර කතාවක්නේ. හැබැයි මේ පාර නම් ඒ දෙන්නා එන්නේ ඔයාව බය කරලා, පුටුවෙ කෙළවරටම ගෙනියන සුපිරි හොරර් ත්‍රිලර් ෆිල්ම් එකක් අරගෙන. මේ ෆිල්ම් එකේ නම තමයි “කිෂ්කින්ධපුරී”.

කතාව පොඩ්ඩක් මෙහෙමයි…

හිතන්නකො මිනිස්සුන්ගේ හිතේ තියෙන හොල්මන් බය නැති කරන්න වැඩ කරන කට්ටියක් ගැන. රාඝවයි එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මයිතිලියි කරන්නේ මෙන්න මේ වගේ වැඩක්. එයාලා “ගෝස්ට් වෝකින් ටුවර්” කියලා කොම්පැණියක් කරනවා. මේකෙන් කරන්නේ හොල්මන් තියෙනවා කියලා ප්‍රසිද්ධ තැන්වලට මිනිස්සු එක්කන් ගිහින්, පොඩි පොඩි දේවල් කරලා ඒ අයව බය කරන එක. හැබැයි මේ ඔක්කොම බොරු. එයාලගේ ඇත්තම අරමුණ මිනිස්සුන්ගේ හිතේ තියෙන අන්ධවිශ්වාස නැති කරලා, හොල්මන් කියන්නේ බොරුවක් කියලා පෙන්නලා එයාලව නිර්භීත කරන එක.

ඔන්න දවසක් මේ කට්ටිය තමන්ගේ ඊළඟ ටුවර් එකට තැනක් හොයනවා. එයාලට සෙට් වෙන්නේ කිෂ්කින්ධපුරී කියන ගමේ තියෙන පරණ, අතෑරලා දාපු රේඩියෝ ස්ටේෂන් එකක්. මේකේ නම “සුවර්ණ මායා”. මේ රේඩියෝ ස්ටේෂන් එක ගැන ගමේ තියෙන්නේ හරිම භයානක කතාවක්. ඒක පටන් ගත්ත දවසෙම ඒකෙ වැඩ කරපු නිවේදිකාව මැරිලා, පස්සේ ඒකේ අයිතිකාරයොත් අභිරහස් විදිහට මැරිලා ගිහින්.

ඉතින්, රාඝවයි සෙට් එකයි මේක තමයි හොඳම තැන කියලා හිතාගෙන එතනට යනවා. ඒත් එතනට ගියාම දකිනවා ඒක සීල් කරලා, මොකක්දෝ පූජාවක් වගේ එකකුත් කරලා තියෙනවා. රාඝව ඕවා ගණන් ගන්නේ නැතුව, ඒ ඔක්කොම විනාශ කරලා කට්ටිය එක්ක ඇතුළට යනවා. හැබැයි එයාලට නොදැනීම, නියම හොල්මනක් කරලියට එනවා. ඇතුළේදී එයාලට ඇත්තටම අමුතු දේවල් වෙන්න පටන් ගන්නවා.
එයාල එමින් ගමන් එතන තිබුන රේඩියො වගයකුත් අරන් එනවා.

ඇත්තම කථාව පටන් ගන්නේ එතනින්. පහුවදා උදේ එයාලා ගෙනාපු රේඩියෝ එකෙන් එයාලාට මරණයේ පණිවිඩයක් එනවා. ඒ හොල්මන කියනවා, තමන්ගේ තැනට ඇතුළු වුණු නිසා එක එක්කෙනා මරනවා කියලා.

ඉතින්, මේ හොල්මන කවුද? රාඝවට තමන්වයි, තමන්ගේ කට්ටියවයි බේරගන්න පුළුවන් වෙයිද? ඇත්තටම සුවර්ණ මායා රේඩියෝ ස්ටේෂන් එකේ අතීතයේදී මොකද වුණේ? මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න නම් ඔයාලට “කිෂ්කින්ධපුරී” බලන්නම වෙනවා.

තිරගත වුනු දවසෙ ඉදලා විචාරකයන්ගෙන් සහ ප්‍රේක්ෂකයන්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබූනු මේ චිත්‍රපටය වාණිජමය වශයෙන්ද ඉතා සාර්ථක වුණා. වසර 6කට පස්සේ බෙල්ලම්කොණ්ඩ සායි ශ්‍රීනිවාස්ට ලැබුණු පළමු වාණිජමය වශයෙන් සාර්ථක චිත්‍රපටය වීමත් විශේෂත්වයක්.

සාමාන්‍ය හොල්මන් කතාවලින් මිදිලා, අලුත් විදියේ කතා තේමාවක් එක්ක එන මේ ෆිල්ම් එක, ඔයා හොරර් ත්‍රිලර් ෆිල්ම් වලට කැමති කෙනෙක් නම්, බැලුවට පාඩු නෑ.

Kishkindhapuri (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Kishkindhapuri (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු (Zoomlk)
IMDb 8.5 /10 2,428 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Charlie’s Angels (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jackpot! (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stopmotion (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A.R.M (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chatrapathi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Croods (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ace Ventura: Pet Detective (1994) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Primitive War (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sindhooram (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Golmaal 3 (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි
Go For Broke (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Selfiee (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published