EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Kooman (2022) | “මැදියම් රැයේ රහස් සැරිය”

7.3/10 ක ඉහළ IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Drama / Thriller කාණ්ඩයට අයත් මලයාලම් චිත්‍රපටයක්. මලයාලම් නළු Asif ali හා Hanna Reji Koshy ඇතුළු Renji Pancker , Jaffer Idukki , Babu Raj , Pauly valsan, Ramesh Thilak , Baiju , Abhiram හා Georgy maryan සෙසු නළු නිළියන් රැසක් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Drishyam චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Jeethu joseph විසින්.

කතාව ගැන කිව්වොත් අපේ ගිරි වැඩ කරන්නෙ කේරළේ නැදුම් පාර පොලිස් ස්ටේෂන් එකේ. මේක තමිල්නාඩුවෙයි කේරළෙයි පොඩි බෝඩරේකින් වෙන් වෙලා තියෙන්නෙ. ඒවා වැඩක් නෑ.. ගිරි කියන්නෙ ඇත්තටම දක්ෂ පොලිස් නිලධාරියෙක් හොරු අල්ලන පොලිස් නිලධාරියෙක්⁣ට ඕනිම දේ විදිහට මම නම් දකින්නෙ “ඉව” තමයි. ඒක මේ ගිරීට හොඳටම පිහිටලා තියෙනවා. තව දෙයක් තමයි “සැකය” ඒකක් ගිරීට හොඳටම පිහිටලා තියෙනවා. හැබැයි මේ ගිරීට තියෙන එකම අවුල තමයි මෙි දක්ෂතා දිහා බලාගෙන ඉන්න බැරිවුන් ගිරීට කරන විහිළු තහළු දාරාගෙන ඉන්න බැරි එක. කොතනත් එහෙමනි ඒක නම්, පොර ඒ දේවල් ඔක්කොම ගනන් ගන්නෙ පොරට කරන අභියෝගයක් විදිහට තමයි. කොහොමහරි හිනාමුසු මූණින් ගිරි ඒවට උත්තර දුන්නට හිතේ පලිගන්න වෛරෙකුත් නැතුවාම නෙවෙයි. ගිරීගෙ අම්මත් ගිරීට නිතරම කියන්නෙ කාසාඳයක් බැදගෙන ඔය රාජකාරිය පොඩ්ඩක් පැත්තකට කරලා තමන් ගැනත් හිතන්න කියලා තමයි. ගිරීට තව කදිම යාළුවෙකුත් සෙට් වෙනවා. දවස දවස ගෙවෙන කොට මේ දෙවල් කනපිට හැරවෙන එක තමයි වෙන්නෙ. ගිරිගෙ මේ හිතන පතන විදිහත් එක්ක ඉස්සරහට මොනවා වෙයිද..? හැමදේම අභියෝගයක් විදිහට භාරගන්න මනුස්සයෙක්ගෙ ජීවිතේ මොන වගේ වෙයිද..? ගිරීගේ මේ පොලිස් රස්සාව ගහලා යයිද ..? නැත්තම් SK මම කිව්ව කතාව කනපිටම පෙර⁣ළෙයිද…? 😈 ඒ ගැන දැන ගන්න නම් මේ බකමූනාගෙ 🦉 ආතල් කතාව අනිවාර්යයෙන්ම නරඹන්න ★

Comments

February 8, 2023

Іt’s amazing t᧐ pay a visit this web page and reading the views of aⅼl colleagues on the topic of this poѕt, while I am also zealous
of getting knowledgе.

February 23, 2026

Thanks!