EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageKuppathu Raja (2019) | බජාර් එකේ චන්ඩියා
ඔන්න මේ පාරත් මම ගෙනාවේ ජී.වී. ප්‍රකාෂ්ගේ දමිළ ෆිලුමක්. මේකනම් අපේටිම් එකේ Madushan Wanasingha කිහීම දෙනෙකුගේ ඉල්ලීම අනුව ඔන්න කරල දුන්නා.
• සතුරන් සතුරුවෙසින් පැමිණෙන විට ගැටලුවක් නොමැත.
ඔවුන් මිතුරු වෙසින් පැමිණෙන්නේනම් කුමක් කරන්ද ?
ෆිලුම ගැන කියනවනම් IMDb අගය 5.8 ක් දක්වා කරකවන්න සමත්වෙලාතියෙන විනාඩි 127 තිරයේ දිග හැරෙන 2019 අප්‍රියෙල් මස 5 වන දින නිකුත්වු මෙය මුඩුක්කු ප්‍රදේශය අලලා නිෂ්පාදනය වු එකක්. මේක අයිතිවෙන්නේ කොමඩි, ඇක්සන් හා ඩ්‍රාමා කැටගරියට , අධ්‍යක්ෂණය හා කතාව කරල තියෙන්නේ බාබා බාස්කර් කියන අධ්‍යක්ෂකවරයා විසින්. මේක මෙයාගේ පලවෙනි අධ්‍යක්ෂණය වූවත් සාර්ථක වුවායයි මා සිතනවා. ඉතින් නලුනිලියන් නම් ප්‍රධාන චරිතය ජී. වී. ප්‍රකාෂ් මෙයාව කට්ටිය දන්නවා නේ හා පාර්තිබන් මෙයා ටිකක් පරන සුපිරිම නලුවෙක් මේ දෙන්න විසින් සාර්ථක ලෙස කර ගහල තියෙනවා මේ මූවි එකේ සාර්ථකත්වයට .
සංගීතය ගැනනම් විශේෂයෙන් කියන්න වෙනවා. පසුබිම් සංගීතයෙන්නම් මේකත් ජී. වී. ප්‍රකාෂ් විසින්ම කරල තියෙන්නේ. මෙයත් දැන් මට හිතෙන විදියට පසුබිම් සංගීතයේ ඉහල තලයකට පැමිණ ඇති බවක් දනෙනවා. තමන්ගේ මාමගේ නම රැකගෙන ඇති බවක් දැනුනා. මෙය සවුන්ඩ් මික්ස් කරඇත්තේ Dolbby Atmos ක්‍රමයටයි. දැනට සිනමාවේ ඉහල සංගීත රසාස්වාදයක් ලබා දෙන ක්‍රමය මෙය වේ.
කතාව නම් රොකට් ( ජීවි ප්‍රකාෂ්) කියන තරුණයාගේ තරුණ කණ්ඩාම හා රාජෙන්ද්‍රන් නොහෝත් රාජි (පාර්තිබන්) ගේ වැඩිහිටි කණ්ඩායම අතර තිබෙන මත ගැටුම හා තරුණ කන්ඩායම කැපී පෙනෙන්නට ගන්නා වෑයම. ඒ තුලින් මතුවන ගැටලු හා ගැටුම්. ඒ අතර එම ජීවිත හා සෙල්ලම් කරන මත් ටොපි ජාවාරම් කරුවන්. මෙච්චර ප්‍රශ්න තිබුනත් ඒ ජීවිත තුල ආදරයද නැත්තේම නොවේ. මවගේ බාදා මැද දුවන රොකතා කමලාගේ (පලක් ලාල්වානි) ගේ ආදරය වගේම කෙටි නිහඩව රාජිගේ හදේ ලැගුම් අන්නා මේරිගේ ( පූනම් බජ්වා) ආදරය දැනගන්න ලැබෙන්නේද අවසානයේදියි.
ඉන්දියාවේ ඒකත් තමිල්නාඩු ප්‍රාන්තයයේ මුඩුක්කු ජීවිතයක් එක් පැතිකඩක් කෙසේද යන වග නියමාකාරයෙන් තාත්වික විදියට ඉදිරිපත් කිරීමට මෙම අධ්‍යක්ෂකවරයා උත්සහ කර ඇත.











