EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Kyaa Kool Hain Hum 3 (2016) | විනෝද සාගරයේ තුන්වන වරටත් කිමිදෙමු…

මේ චිත්‍රපටියේ පළමු වැන්න සහ දෙවැන්න ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ආතල් ලෝකයක් තමයි ඒකත්.
මේකේ ප්‍රධාන චරිත දෙක ගැන කතා කරොත් ඒ දෙන්නා තමයි කන්නයියා සහ රොකී. මේ දෙන්නා හොඳම යාළුවො දෙන්නෙක්.කලින් ඒවගේ වගේම මුන් දෙන්නා ඉතින් මාර ෆන් එකේ ඉන්න ඩයල් දෙකක් තමයි. ඉතින් කන්නයියාට මේ අතරේ කසාදයක් කරගන්න ඕන වෙනවා ඒත් ඉතින් කන්නයියා ආදරය කරන කෙල්ලට එයා කියල තියෙන්නේ තමන් හුඟක් පොහොසත් පවුලක කෙනෙක් කියලා ඉතින් ඒ කසාදෙ ගොඩ දාගන්න මුන් දෙන්නා ගහන ගේම තමයි මේ චිත්‍රපටිය පුරාම දිවෙන්නේ. ඉතින් ඒක මුන් දෙන්නා කොහොම කරගනීවිද කියලා ඔයාලට බලාගන්න නම් චිත්‍රපටිය අරගෙන බලන්නම වෙනවා. ඉතින් හිනාවෙන්න කැමති හැමෝම මේක අරගෙන බලන්න කියලා ඉල්ලා සිටිනවා.

යන්නට පෙර බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ සැවොමත්. ඇඩ්මින් මඩුල්ලත් මතක් කරන්න ඕන. එවුන් ලොකු ගේමක් දෙනවා සයිට් එක ගොඩ දාගෙන උපසිරැසි ටිකත් දාගෙන මේක පවත්වාගෙන යන්න. ඉතින් ඒ හැමෝටම ඒ බාධක සියල්ලට නොසැලී මුහුණ දෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කර සිටිනවා. එහෙනම් ඔන්න ආයෙත් දවසක හමුවන බලාපොරොත්තුවෙන් මා සමුගන්නවා.

Comments