EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
L2: Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Nirmal Sahadev, Prithviraj Sukumaran
Cast
Go Full Cast PageL2: Empuraan (2025) | “ පරමාධිපතියා”
අද අපි අරගෙන එන්නෙ 27 වෙනිදා ලොව පුරා සිනමාශාලා වල තිරගත වීම ආරම්භ උණු බොහෝ අය එනකන් මහත් ඕනෑකමින් බලා සිටි ලුසිෆර් කතාමාලාවෙ දෙවැන්න L 2 – EMPURAAN ෆිල්ම් එක
2019 වසරෙදි ලුසිෆර් ආවට පස්සෙ ඒ හම්බුන ප්‍රතිචාරය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ , ලාලෙට්ටන් දාපු වැඩ කෑල්ල ගැන , ඉතින් කොරෝනා වසංගතය හේතුවෙන් උන ප්‍රමාදයන්ගෙන් පස්සෙ මේකෙ දෙවෙනි කොටසත් අරන් එන්න නිෂ්පාදකයන් සහ අධ්‍යක්ෂක ප්‍රිත්විරාජ් සුකුමාරන් ඇතුලු කණ්ඩායම සමත් වෙලා තියෙනවා
පලවෙනි කොටසෙදි ස්ටීෆන් නෙඩුම්පල්ලි , නැත්නම් කුරෙශි ඒබ්‍රහම් ගැන දැනගත්තා වගේම දැනටම බොහෝ අය දන්නා පරිදි මේ කොටසෙදි වැඩි ප්‍රමුඛත්වයක් දීලා තියෙන්නෙ සයිද් මසූද් ගෙ චරිතයට , මේකෙ තුන්වෙනි කොටසකුත් ඉදිරියේදි නිකුත් වීමට නියමිතයි
සිනමාශාලා වලට නිකුත් වෙලා පලමු දිනයේදීම ආදායම් වාර්ථා තබන්නට පුලුවන් උනු එම්පුරාන් පලමු දිනයේ ලොව පුරා ඉන්දියානු රුපියල් කෝටි 67 ක පමණ ආදායමක් ද දෙවෙනි දිනය ඉක්මවීමටත් මත්තෙන් කෝටි 100 කඩ ඉමද ඉක්මවා ගොස් අවසන්, මේ ලිපිය ලියන මොහොත වන විටත් දිනකට ටිකට්පත් ලක්ශයකට වඩා මාර්ගගතව බුක් වෙනවා වගේම චිත්‍රපටය වේගයෙන් චනප්‍රිය වෙනවා
නමුත් උතුරු ඉන්දියාව පැත්තෙන් බාරතීය ජනතා පක්ශයට යම් බලපෑමක් වුනා යැයි කියමින් එල්ල වෙන චෝදනා හමුවෙ ඉදිරියේදී චිත්‍රපටියේ යම් යම් කොටස් කිහිපයක් ඉවත් කිරීමට මේ වන විට තීරණය කරමින් තිබෙනවා ,
මෝහන්ලාල් , ප්‍රිත්විරාජ් සුකුමාරන් , ටොවිනෝ තෝමස් , මංජු වොරියර් , අභිමන්‍යු සිං , ඉන්ද්‍රජිත් සුකුමාරන් , සුරාජ් වෙන්ජරාමූඩු , ඇතුලු දෙස් විදෙස් නලු නිලියන් රැසකගේ දායකත්වයෙන් තමයි චිත්‍රපටය නිමවෙන්නෙ
චිත්‍රපටය ප්‍රධාන වශයෙන් රටවල් කීපයකම රූපගත කරලා තියෙනවා , ඒ වගේම මලයාලම් , ඉන්ග්‍රීසි , හින්දි , දෙමළ හා චීන භාශා අන්තර්ගතයි












