CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1258 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Limbo (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Limbo (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 18, 2021China118 Min.
Your rating: 0
8 1 vote
Limbo (2021) | සංක්‍රමණික දාම ඝාතකයාගේ වියරුව

 

මේක චීන සහ හොංකොං රාජ්‍ය දෙකේ එකතුවෙන් දකුණු චීන සහ මැන්ඩරින් භාෂාවෙන් නිකුත් උන සලරුවක්. ලෙයි මී කියන චීන නවකතා රචකයා විසින් රචිත “Wisdom Tooth” කියන නවකතාව පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ චිත්‍රපටය නිකුත් කරලා තියෙන්නේ වර්ණ රහිතව කළුසුදු විදියට තමයි. ඒත් ගුණාත්මක බව ගැනනම් සැකයක් තියාගන්න එපා. මොකද මේ නිර්මාණය සම්මාන 30කට අධික ප්‍රමාණයකට නිර්දේශ වෙලා ඉන් සම්මාන 12ක් ලබාගන්න සමත් වෙලා තියෙන බවත් මතක් කරන්න ඕන.

විල් රෙන් කියන්නේ පොලිස් ඇකඩමියේ අංක 1 ශිෂ්‍යයා විදියට පුහුණුව ලබපු කෙනෙක්. දක්ෂතාවය නිසාම ආධුනික පොලිස් පරීක්ෂකවරයෙක් විදියට පොලීසියට බැඳෙන්න විල්ට අවස්ථාව ලැබෙනවා. එයාට වැඩ කරන්න ලැබෙන්නේ දක්ෂ, පළපුරුදු පරීක්ෂකවරයෙක් වෙන පරීක්ෂක චාම්ගේ සහයකයා විදියටයි. ඉතිං එයාලට ලැබෙන රාජකාරිය තමයි නගරයේ තැනින් තැන කපලා දාලා තිබිලා හම්බෙන කාන්තාවන්ගේ අත් ගැන හොයන එක. මෙහෙම හම්බෙන කාන්තාවන්ගේ අත් මළ බැඳුණු මොට ආයුධයකින් වෙන් කරලා තියෙන බවත් මෙයාලට දැනගන්න ලැබෙනවා. ඒ වගේම මේ අත් වෙන් කරලා තියෙන්නේ කාන්තාවන් පණ පිටින් ඉද්දි බවත් අනාවරණය වෙනවා. ඉතිං මේ ඝාතකයා කවුද? ඇයි මෙහෙම කරන්නේ? විල් සහ චාම් මේ වගේ දරුණු ඝාතකයෙක්ව කොහොම අල්ලගනියිද කියලා ඔයාලා මේ සුපිරි චිත්‍රපටය නරඹලාම දැනගන්න.

ඉතිං මේ චිත්‍රපටය මේ වෙද්දි 84%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගන්නත්, IMDb 7.1ක ඉහල අගයක් ලබාගන්නත් කුණු තක්කාලිහි 86%ක අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. Action/ Thriller යන කාණ්ඩයන්ට වර්ගීකරණය කරලා තියෙන මේ චිත්‍රපටය හොංකොං මිලියන 13කට ආසන්න ආදායමක් උපයගන්න සමත් වෙලා තියෙනවා. රංගනයෙන් දායක වෙන පිරිස ගැන බැලුවොත් හොංකොං සිනමා කර්මාන්තයේ ඉදිරියෙන්ම සිටින රංගන ශිල්පියෙක් වන Gordon Lam පරීක්ෂක චාම් ලෙසත්, චීන ගායිකාවක් සහ නිළියක් වන Cya Liu වොන්ග් ටෝ ලෙසත් එක් වෙනවා. ඒ වගේම ඔයාලා The Hangover Part II බැලුවනම් ඒකේ ටෙඩීගේ චරිතය රඟ දක්වපු Mason Lee පරීක්ෂක විල් රෙන් ලෙසත් රංගනයෙන් එක්වෙලා තියෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යුරාන් ධනුක (Baiscope)
IMDb 7.1 /10

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Soi Cheang
Director

Cast

Lam Ka-tung isCham Lau
Cham Lau
Liu Yase isWong To
Wong To
Mason Lee isWill Ren
Will Ren
Hiroyuki Ikeuchi isAkira Yamada
Akira Yamada
Hanna Chan isWill's wife
Will's wife
Kumer So isGrizzly
Grizzly
Hugo Ng isChief
Chief
Iris Lam isCham's wife
Cham's wife

Similar titles

Lone Survivor (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Onoda: 10,000 Nights in the Jungle (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Kung Fu Master (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Extraction 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Death Race (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maleficent (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Raid 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jiivi 2 (2022) Sinhala Subtitles | “ජීවිතය උඩු යටිකුරු කළ මංකොල්ලය” | සිංහල උපසිරැසි සමඟ
Mufti (2017) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Resident Evil: Extinction (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Transformers One (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published