EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageLover (2018) | සොඳුරු ආදරවන්තයා…!
Romance/Comedy ගනයට අයත් වන මෙම චිත්‍රපටිය නිකුත් වුනේ 2018 ජූලි 20වෙනිද. මේ චිත්‍රපටයට මේ වෙනකොට IMDb අගය 6.0 වශයෙන් තමයි සටහන් වෙලා තියෙන්නෙ. මේකෙ ප්‍රධාන චරිත වලට රන්ගනයෙන් දායක වෙලා තියෙන්නෙ Raj Tarun සමගින් Riddhi Kumar, නිලියනම් අලුත්. මේක එයා රඟනපාන පළමුවන චිත්‍රපටය. හැබැයි එයාගෙ රන්ගනය නම් නියමයි. මෙයා FACE OF INDIA 2016 ජයග්‍රාහිකාව වශයෙන් තේරිලා තියෙනව. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නෙ Annish Krishna කියන අධ්‍යක්ෂකවරය විසින්. මීට අමතරව Sachin Khedekar, Rajeev Kanakala, Rohini වගේ නළු නිලියනුත් මේකට රන්ඟනයෙන් දායක වෙලා තියෙනව.
කතාව පැත්තට හැරුනොත්, රාජ් කියන්නෙ අලුත්ම විදිහට බයික් නිර්මාණය කරන කාර්මික ශිල්පියෙක්. මෙයාට ගරාජ් එකක් තියෙනව. මෙයා කැමති තමන්ට කැමති විදිහට බයික් නිර්මාණය කරල ඒව පදින්න, ඒ වගේම මෙයා අලුත් විදිහට බයික් නිර්මාණය කරල විකුණන වැඩෙත් කරනව. මෙයාට ඒකටම හරියන යාලුවො සෙට් එකකුත් ඉන්නව. කොහොමහරි බයික් එකක් විකුණල බැංකොක් යන්න ඕනි කියල අදහසක් මෙයාට තියෙනව. කොහොමෙන්හරි බයික් එකක් විකුණල සල්ලි හොයාගෙන බැංකොක් යන්න කියල ගුවන් තොටුපලට යන අතරතුර මෙයාට වෙඩි වැදිල රෝහල්ගතවෙන්න වෙනව. එතනදි තමයි මෙයාට චරිතව මුන ගැහෙන්නෙ. ඉතින් මෙයා චරිතව කැමති කරවගන්න එක එක දේවල් කරනව. ඉතින් ඔය අතර මෙයාලගෙ ජීවිත උඩු යටිකුරු කරන දෙයකුත් සිද්ද වෙනව, තවදුරටත් කතාව විස්තර කරන්න මම බලාපොරොත්තු වෙන්නෙ නැහැ.





