EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMachante Maalakha (2025) | පිරිමිත් මනුෂ්‍යයෝය
ආයුබෝවන්. මේ කතාවට Rating අඩුයි නම් තමයි. ඒත් ඒක අසාර්ථකයි කියන එක සාධාරණ නෑ. මේකට කාන්තාවො අඩු රේටිං එකක් දෙන්න ඇති මම හිතන්නෙ. කොහොම උනත් මේ අළුත් අවුරුදු නිවාඩුවෙ මේ චිත්‍රපටය නොබල ඉන්න එපා. මොකද මේකත් වෙනත් මලයාලම් චිත්‍රපට වගේම වෙනස් මගක කතාවක් නිසා. අනිත් එක සුබින් සුහේර් අපේ රසිකයින් අතර ජනප්‍රිය චරිතයක්. ඒ නිසා සමහරුන්ට ඒකම ඇති මේ චිත්‍රපටය බලන්න. කොහොමත් ප්‍රතිචාර එක්ක සසඳන කොට ඒ තරම්ම නරක නම් මම කීයටවත් උපසිරැසියක් කරන්නෙ නෑ. ඉතිං මම කියන නිසා බලන්න.
පහු ගිය ටිකේ මලයාලම් චිත්‍රපට රැසක ස්ත්‍රී හිංසනය, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ගැන ගොඩක් කතා කලා. කොටින්ම ගෘහස්ත හිංසනය කියන්නෙම වෙන මොකුත් නෙමෙයි ගෙදර මිනිහ ගෑණිට හිරිහැර කරන එක නැත්තම් පිරිමියා ගැහැණියට කරන හිරිහැර වලට. ඉතිං මේකෙ අධ්‍යක්ෂක බොබන් සැමුවෙල් සහ රචක අජීන් පී තෝමස් වෙන විදිහකට හිතුවා. ගෘහස්ථ හිංසනය යනු කාන්තාවන්ට පමණක් අදාළ වන දෙයක්ද? පිරිමින්ට එරෙහිව සිදුවන හිරිහැර ගෘහස්ථ හිංසන ලෙස සලකන්නෙ නැත්තෙ ඇයි? කාල වරෙංකො. කතාවෙ ඇත්තක් තියෙනව වගේ පේනවා. අපේ කතා නායකයා සජීවන් (සුබින්) කියන අහිංසක කොන්දොස්තර වරයාට සිදුවන අපූරු අකරතැබ්බය බලන්නකෝ. එතකොට බලා ගන්න පුළුවන්.
ඉතින් සුබින් එක්ක නමිතා ප්‍රමෝද්, ශාන්ති ක්‍රිශ්ණා, දිලීෂ් පෝතාන්, ධ්‍යාන් ශ්‍රීනිවසන් සහ කේ යූ මනෝජ් සෙසු චරිත වල පෙනී සිටිනවා. එහෙන මේ නිවාඩුවෙ බලල රස විඳින්න. සුභ නව වසරක් සියළු දෙනාටම



