EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Maidaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageMaidaan (2024) | පුනරාගමනය
ආයුබෝවන්, මෙන්න අද අළුත්ම අළුත් හිංදි චිත්‍රපට උප සිරැසියක්. IMDB 8.3 ක ඉතා ඉහළ අගයක් ගත් මෙය පසු ගිය සතියේ OTTනිකුත් උනා. මේක biographical sports drama ඝණයට වැටෙන ඉතා අපූරු චිත්‍රපටයක්. ක්‍රීඩා තරු සම්බන්ධ මෙවැනි චිත්‍රපට ඉන්දියානු සිනමාවේ නිතරම දක්නට ලැබෙනවා. මේක 1950 ගණන් වල ඉන්දියානු ජාතික පාපන්දු පුහුණු කරුවා වූ සෙයිඩ් අබ්දුල් රහීම්ගේ ජීවිත කතාව අළලා නිපදවූවක්.
1950 ගණන් ආරම්භයේදී ඉන්දියානු පාපන්දු ක්‍රීඩාව ජාත්‍යන්තර තලයේ ඉහළ මට්ටමක තිබුනේ නෑ. ඉන්දියාව තුල පාපන්දු ඒකාධිකාරී බලය තිබුනේ බටහිර බෙංගාලයට.වැඩිම පිරිසක් පාපන්දු ක්‍රීඩා කල වැඩිම නරඹන්නන් පිරිසක් සිටින බෙංගාලයේ ධන කුවේරයින් ඉන්දියානු පාපන්දු සම්මේලනය මෙහෙයැවුවා. මේ නිසා බොහෝ විට ඉන්දියානු කණ්ඩායමේ නියෝජනය සිදු වූයේ කල්කටාව ආශ්‍රිතව ක්‍රීඩා සමාජ වලින්.
ඉහත තත්වය වෙනස් කර ඉන්දීය පාපන්දු ක්‍රීඩාව ඔසවා තබන්නට ඉන්දීය පුහුණුකරු හයිද්‍රාබාද් වැසියෙක් වන රහීම් උත්සාහ දරනවා. එහෙත් ඔහුට කල්කටාවේ මුදල් බලය හරස් වෙනවා. ඉන්දියාවේ පාපන්දු ක්‍රීඩාවේ උන්නතියට වඩා එහි නිලතල දරන්නන්ට තම බලය රැක ගැනීම වැදගත්. පාපන්දු බල අධිකාරියේ බෙංගාලි බලයට අභියෝග කිරීම ඔවුන්ට ඉවසුම් නොදෙන්නක්. මේ තත්වය යටතේ රහීම් ඉන්දියානු පාපන්දු ඉතිහාසයේ රන් අවධිය (1952 -1962) කරා සිය කණ්ඩායම මෙහෙයවීමට දරන උත්සාහය මේ චිත්‍රපටයට පාදක වෙනවා.
සී ස්ටුඩියෝ සහ බොනී කපූර් එක්ව විශාල වියදමක් දරා ( ඉ රු.කෝටි 235 ) නිපදවන ලද මෙම චිත්‍රපටය AMIT SHARMAගේ අධ්‍යක්ශනයක්. අජේ දේව්ගන් රහීම් ලෙස ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙහි ප්‍රියමානි, ගජ්‍රාජ් රාවෝ, ඇතුළු නළු නිළියන් රැසක් චරිත නිරූපනය කරනවා. සංගීතය ඒ ආර් රහමාන්ගේ.
මෙය රස විඳින්න හොඳ චිත්‍රපටයක්. ඉතා තියුණු පාපන්දු තරඟ කිහිපයක්ම මෙහි ඉතා සාර්ථක ලෙස ඉදිරිපත් කර තිබෙනවා ඇක්ෂන් ත්‍රිලර් එකකට නොදෙවෙනි අත් දැකීමක් ඔබට ඉන් ගත හැකියි.











