EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMalayalee from India (2024) | තවත් එක යාළුවෙක්
IMDB 6.1ක් වෙන කොමඩි ශානරයට වැටෙන තරමක් දිග එහෙත් කම්මැලි නැතිව බලා ඉන්න පුළුවන් චිත්‍රපටයක්. විචාරක පැසසුම් ගොඩක් හිමි උනත් මේක මලයාලි රසිකයින් අතර හිට් උනේ නම් නෑ. බොහෝ විට ජාතිවාදය පදනම් කර ගත් චිත්‍රපට වලට මලයාලි රසිකයින් අතර ජනප්‍රියත්වයක් හිමි වෙන්නෙ නෑ වගේ. ඒත් ඇත්තටම මේ වසරෙ බැලිය යුතු අනෙකුත් මලයාලි ජනප්‍රිය චිත්‍රපටි සමග ඉහලින්ම තියන්න පුළුවන් චිත්‍රපටියක් මේක.
කතාවට ගියොත් ගමක ඉන්න අපූරු යාළුවො දෙන්නෙක් කතා නායක ගෝපි ( නිවින් පෝලි) සහ මල්ගෝෂ්(ධ්‍යාන් ශ්‍රීනිවාසන්). මෙලෝ වැඩක් නොකර ජාතිවාදී දේශපාලන පක්ෂයක් පිටිපස යමින් පොඩි කොල්ලන් සමග ක්‍රිකට් ගසමින් කාලය කා දමන මේ අති පණ්ඩිත ඩබලෙන් ටිකක් හරි මොළේ තියෙන ගෝපිගේ තාත්ත නෑ, එයයි නංගියි ඉන්න පවුලෙ බර තනිකරම අම්ම උඩ.ගෙදර පවා බැංකුවට සින්න වෙන්න යද්දි ගෝපි බලා ඉන්නෙ කවදාවත් සිදු නොවෙන එයාගෙ පක්ෂය බලයට එන කල් ණය ටික බේරන්න.
ඒ අස්සෙ 20 20 ලෝක කුසලානයත් කේරළ ප්‍රාන්ත මැතිවරණයත් එකට පැවැත්වෙනවා. ඉන්දියාව පකිස්ථානයට පැරදෙද්දී ඇති වෙන ජාතිවාඅදී ගිණි පුපුරක් බවට පත් කරන්නේ මේ දෙදෙනාගෙන් මෝඩයා වෙන මල්ගෝෂ්. එහි ප්‍රතිඵලය මත කේරළය තුල ජාතිවාදී ගිණි දැල් ඇවිලෙද්දී මල්ගෝෂ් අම්බානක ගුටි කා රෝහල් ගත කරනවා. ජීවිතය බේරා ගෙන ගමෙන් පිට වෙන ගෝපිව ඔහුගේ ඥාතීන් විසින් යවන්නෙ ඔහුගේ අදහස් වලට විරුද්ධ මැද පෙර දිගට. කොවිඩ් වසංගතය පැතිරෙද්දී එහි ළඟා වෙන ගෝපි අන්තිමට නතර වෙන්නේ කාන්තාරයක පිහිටි කුඩා ගොවිපලක.
නිකම් නෙමෙයි එහි භාර කාර හැඩිදැඩි පකිස්ථානුවෙක්ගේ අත වැසියා හැටියට. ඔහුගේ ජීවිතය, සිතුම් පැතුම්, අදහස් සියල්ල උඩු යටිකුරු වෙන්නේ එතැන් සිට. පකිස්තානුවායි ඔහුගේ සුරතල් පූසායි එක්ක කාන්තාරයේ තනි වෙන ඔහුට මේ ඉන්දු පකිස්තානු එදිරි වාදය කෙසේ බලපායිද?
කොමඩියක් හැටියට පටන් ගත්තත් අවසානයේදී ඉතා හැඟුම් බර සිදුවීම් පෙළක් සමග ගලා යන මේ ලස්සන චිත්‍රපටය ප්‍රකට ජන ගන මන චිත්‍රපටය අධ්‍යක්ෂණය කල ඩිජෝ ජොසේ ඇන්තනි ගේ වැඩක්. අනස්වරා රාජන්, දීපක් ජේති,සලිම් කුමාර්, ශයින් ටොම් චාකෝ මෙහෙ අනිත් චරිත රඟපානවා. විශේෂයෙන්ම නිවින් පෝලිගේ රඟපෑම නම් පට්ට.



