EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Max Keeble’s Big Move (2001) | ඉස්කෝලෙක යකා නටන එළකිරි කොල්ලෙක්

 

ඉස්කෝලේ යන කාලේ ඔයා ප්‍රින්සිපල්ගෙන් ගේම ඉල්ලලා තියනවද ? මම නම් හීනෙන් ඉල්ලලා ඇති. ඔන්න අද අරන් ඇවිත් තියෙන්නේ එහෙම ප්‍රින්සිපල් කෙනෙක්ගෙන් ෆේස් ටු ෆේස් ගේම ඉල්ලලා ඉස්කෝලයක් උඩියටිකුරු කරලා දාන සුපිරි කොල්ලෙක් ගැන හොලිවුඩ් චිත්‍රපටියක්. අපි හැමෝගෙම සුන්දර පාසල් මතකයන් මේ චිත්‍රපටිය බළලා අපිට නැවත අවදිකරගන්න පුළුවන්. මේ වැස්ස කාලේ තේකක් බොන ගමන් හිනාවේවී බලන්න මේක කියාපු ෆිල්ම් එකක්. ලොකු පොඩි හැමදෙනාටම මේක බලන්න කියලා ආරාධනා කරනවා.

ඔන්න කතාව,

මැක්ස් කීබල්, ලස්සන පහර පෙනුමක් තියන හිත හොඳ කොල්ලා. දවසක් හදිසියේම මෙයාගේ දෙමාපියෝ ගන්න එක තීරණයක් නිසා මැක්ස්ගේ ජීවිතය තරමක අවුල් වීමක් වෙනවා. මේත් එක්කම තවත් එක ප්‍රශ්නයක් මේ මැක්ස්ට වැටෙනවා, ඒ තමයි පාසලට අයිති ඉඩමක තියන සත්ව සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම නොමනා විදියට අයින් කරන්න මැක්ස්ගේ ඉස්කෝලේ ඉන්න බාගෙට පිස්සු විදුහල්පතිතුමා තීරණයක් ගන්නවා. මේ සුරැකුම් මධ්‍යස්ථානයේ රැකවරණය යටතේ අසරණ අහිංසක සත්තු ගොඩක් ඉන්නවා. මේකේ ඉන්න එක සතෙකුට මැක්ස් හරිම ආදරෙයි. මේ හේතුව නිසා මැක්ස් කීබල් තීරණය කරනවා මේ වැඩේ වහාම නවත්තගන්න කරන්න පුළුවන් හැමදේම කරන්න. මේකට මැක්ස් කෙළින්ම ප්‍රින්සිපල්ගෙන් ගේම ඉල්ලනවා. ප්‍රින්සිපලුත් වැඩේ අත අරින්නේ නෑ, මැක්ස්ට කරන්න පුළුවන් හැමදේම මිනිහත් කරනවා. මේක තනිකර ලොකු ගුටිකෙළියක් බවට පත්වෙනවා.

හොඳයි, එහෙනම් ඔයාලා මේක බලන්න.

 

 

Comments

September 11, 2025

❤️