EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Mazaka (2025) | සිංහල උපසිරැසි සමඟ
මේ ෆිල්ම් එක ඇවිල්ලා Rom Com ශාරණයට අයත් වෙන ෆිල්ම් එකක්. ප්‍රධාන චරිත ලෙස Sundeep Kishan හා Ritu Varma රංඟනයෙන් දායක වෙනවා.. කතාව පැත්තට ගියොත්
රාමනා (පියා) සහ ක්‍රිෂ්ණා (පුතා) කියන්නේ තාත්තයි පුතයි. ක්‍රිෂ්ණගෙ ඉපදීමත් එක්කම ඔහුගෙ මව මිය යනවා. රාමනා වීසා ඔෆිස් එකක රැකියාව කරනවා. මේ දෙන්නටම එකම අරමුණයි තියෙන්නෙ , ඒ තමයි Family එකක් ගොඩනගා ගන්න එක. ඒත්, කරුමෙට මේ ක්‍රිෂ්ණට කිසිම කෙල්ලෙක්ව අල්ලගන්න බැරි වෙනවා. බැරිම තැන තාත්තයි පුතයි එකතු වෙලා මනමාලියො බලන්න යනවා. ඒත් යන හැම ගෙදරකින්ම අවසානෙට කියන්නෙ එකම දෙයයි. ‘පිරිමි දෙන්නෙක් විතරක් ඉන්න ගෙදරට, ගැහැණු ළමයෙක් තනියම එවන්න බැහැ’ කියලා. බැරිම තැන පියා වන රාමනා තීරණය කරනවා යලිත් විවාහයක් කරගන්න. එතකොටවත් පුතාට මනමාලියක් ලැබෙයි කියලා. ඔය අස්සෙ අර ඔතාගෙන යන්න පතාගෙන ආපු කෙනා වගේ කෙනෙක් ක්‍රිෂ්ණට හම්බවෙනවා. දැන් තමා mazaka (විනෝදය) එක පටන් ගන්නෙ. 🙂 තාත්තයි පුතයි දෙන්නම කෙල්ලො පස්සො යනවා. ඉතින් මේ දෙන්නාටම බදින්න ගැණු ළමයි දෙන්නෙක් හම්බවේවිද? එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරනවා




