EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMeat Kills (2025) | “ දඩයක්කාරයා දඩයම වූ රැය ”
ඔන්න ඉතින් වෙනද වගේ හොරර් කතාවක් නෙවෙයි, ‘Extreme Horror’ ගණයට වැටෙන, ලේ ටික සීතල කරවන, දරුණු කතාවක් අරගෙනයි ආවේ. කල්පනාවෙන්! මේක නම් ගොඩක් අයට ඔරොත්තු දෙන එකක් නැති වෙයි!
කතාවේ නම “Meat Kills” (ඔරිජිනල් නම Vleesdag). කතාව පටන් ගන්නේ ‘මිර්තෙ’ (Mirthe) කියන තරුණ සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක් වටා. මෙයා තමන්ගේ දරුණුකම ඔප්පු කරන්න, ‘ඇනිමල් ආමි’ කියලා රැඩිකල් කණ්ඩායමකට එකතු වෙනවා.
ඉතින් මෙයාගේ පළවෙනි මෙහෙයුම තමයි, ඌරු ගොවිපලක රහසින් රස්සාවකට ගිහින්, එතන සත්තුන්ට දෙන වද හිංසා, නීති විරෝධී වැඩ රහසින් වීඩියෝ කරන එක.
මේ වීඩියෝ ටික දැකලා, කණ්ඩායමේ නායිකාව ‘නාෂා’ (Nasha) ඇතුළු සෙට් එකට හොඳටම තරහා යනවා. එයාලා තීරණය කරනවා එදා රෑම ෆාම් එකට පැනලා ඌරන්ව “නිදහස්” කරන්න.
ඒත්… එයාලා එතනට යද්දී වෙලා තියෙන්නේ හිතුවෙවත් නැති දෙයක්. ෆාම් එකේ එක ඌරෙක්වත් නෑ! ගොවියා ඒ හැම සතෙක්ම මරලා!
ඉතින්, ඌරන්ව බේරගන්න ගිය මෙහෙයුම, ඒ මොහොතේ ඉඳන් පළිගැනීමේ දරුණු, ලේ වැකි රැයකට පෙරළෙනවා. හැබැයි, ඒ ගොවියයි එයාගේ පවුලයි කියන්නේ ලේසි පහසු උදවියක් නෙවෙයි. දඩයම පටන් ගන්නේ එතකොටයි. ඇත්තටම දඩයක්කාරයා කවුද? දඩයම කවුද?
මේ කතාව IMDb දර්ශකයේ ⭐ 6.3/10 ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මේක Martijn Smits ගේ අධ්‍යක්ෂණයක්. ඇත්තටම ලේ, ‘Gore’ සහ දරුණු දර්ශන බලන්න පුළුවන්, හිත හයිය කට්ටියට විතරක්මයි මේක හොඳ.
හරි එහෙනම්, පුළුවන් අය විතරක් මේ පැත්තට ඇවිත් මේකත් රසවිඳින්න.







