EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Memories (2023) | “ නොමැකෙන මතකයන් ”

සිද්ධීන් මැකී යාවි….

මතකයන් මැකෙන්නේ නැත ….

ඔන්න වෙට්‍රී රගපාන 10 මාර්තු 2023 තිරයට ආපු මෙමරීස් දමිළ චිත්‍රපටයට සබක් කලා. මේක වර්ගකරල තියෙන්නේ action thriller කියලයි. ඇක්සන් වලට වඩා හොද ත්‍රිලක් තියෙනවා. කෙලින්ම සයිකෝ ටයිප් එකක් . කොහෝමත් මේ වෙට්‍රිගේ චිත්‍රපට ටිකක් අමුතුම ඒවා කියල කට්ටිය දන්නව නේ. ජීවි 1 හා 2 ඒ වගේම 8 තෝට්ටාක්කල් වගේ චිත්‍රපට වනම් වගේ අමුතුම ටයිප් එකේ ෆිල්ම් තමයි මෙයාගේ තියෙන්නේ. මේ පාරත් අපිව ටිකක් අන්දුන් කුන්දුන් කරවන ෆිල්ම් එකක් දීල තියෙන්නේ.

ඉතින් වෙට්‍රී එක්ක පාර්වති අරුන් ඉන්නවා මෙයා ඉතින් මලයාලම් වල තමයි වැඩිපුරම ඉන්නේ. ඉතින් ප්‍රධාන චරිතවලට මේ දෙන්නට අමතරව Dayyana, Ramesh Thilak කුත් ඉන්නවා. අධ්‍යක්ෂණය Syam – Praveen දෙන්නා කරල තියෙන්නේ. සංගීතය Gavaskar Avinash ගෙන්. සිනමාකරණය Armo සහ Kiran Nupital විසින්.

Memories (2023) Sinhala Subtitles

මේකට මිශ්‍ර ප්‍රතිචාරයන් ලැබිල තියෙනවා. කොහෝම වුනත් ෆිල්ම් එකනම් කිසිම බෝරිං එකක් නැතිව බලන්න පුලුවන් එකක්.

කතාව ගැන කියනවනම්

මේක අපේ මතකයන් මකා දමා අලුතින් මතකයන් ඇතුල් කිරීමක් ගැනයි කියවෙන්නේ. කෙනෙක්ගේ මතකයන් අයින් කලාම මොන තරම් කරදරවලට මුහූණ දෙන්න වෙනවද ? ඒ මදිවට වෙන මතකයන් ඇතුල් කලාම දෙයියන්ගෙම පිහීටයි. මේක බලන්නම ඕනේ එකක්.

Comments