EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Miller’s Girl (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Jade Halley Bartlett, Jake Diamond, Michael A. Toscano
Cast
Go Full Cast PageMiller’s Girl (2024) | “ගුරුවරයා සහ ශිෂ්‍යාව”
අද අරගෙන ආවෙ ජෙන්නා ෆෑන්ස්ලා මග බලාගෙන හිටපු ෆිල්ම් එකකට සබ් අරගෙන. Wednesday එකෙන් පස්සෙ ඇයගෙ ෆෑන් බේස් එක වැඩි උනා වගේ ම ඇය ගොඩක් ජනප්‍රිය කෙනෙක් උනා. ඒ නිසා මේ ෆිල්ම් එකේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් කලායින් පස්සෙ රසිකයො මේ ෆිල්ම් එක නිකුත් වෙනකන් මග බලාගෙන හිටියා. මේක erotic thriller ගනයේ ෆිල්ම් එකක්. Jade Halley Bartlett තමා මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. Jenna Ortega සහ Martin Freeman තමා මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නෙ. 2024 ජනවාරි 26 නිකුත් කරපු මේ ෆිල්ම් එක ලයන්ස්ගේට් තමා නිශ්පාදන කටයුතු කරලා තියෙන්නෙ. Imdb 5.3 කුත් කුනු තක්කලි 30% ක අගේකුත් දැනට මේ ෆිල්ම් එක අරන් තියනවා.
කතාව ගැන කිව්වොත් කයිරෝ කියන තනියම ජීවත් වෙන ළමයෙක්ට පාසලට එන ගුරුවරයෙක් හම්බවෙනවා. මේ දෙන්නගෙ සාහිත්‍ය රසය එකම වගේ. ( මේ ෆිල්ම් එකේ සාහිත්‍ය පොත් වල උපුටා ගැනිම් ගොඩක් තියනවා. ඒ නිසා ඒවට උපසිරැස හදලා තියෙන්නෙ ලිඛිත භාෂාවෙන්. ) මේ ගුරුවරයා නැත්තං මිස්ටර් මිලර්ට මේ කයිරෝ ගැන පුදුම හිතෙනවා. මෙච්චර පොඩි වයසක ළමයෙක් සාහිත්‍යයට ආස කරන එක ගැන. ඉතිං මේ කතාවෙ ඉදිරියට තියෙන්නෙ මේ ගුරු ශිෂ්‍ය සම්බන්දෙ ගලාගෙන යන විදිහ. ඔයා Deep water , Gone Girl වගේ ෆිල්ම් වලට ආස කරන කෙනෙක් නම් අනිවා මේක බලන්න කියලා ආරාධනා කරනවා.











