EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Miracles Aka Mr. Canton And Lady Rose (1989) Sinhala Subtitles

ජැකී චෑන්ගේ චිත්‍රපට ප්‍රිය කරන, නිතරම අප සමඟ රැඳී සිටින රසිකයින් වෙනුවෙන්, පොඩි නිහැඩියාවකට පස්සෙ අදත් අරගෙන ආවා ජැකීගේම අධ්‍යක්ෂනයක් වුනු, ටිකක් සැඟවිලා වගේ තියෙන ලස්සන නිර්මාණයක්. ඒ කියන්නෙ ටිකක් හොයාගන්න අමාරුයි. කතාව ලියල තියෙන්නෙත් ජැකීමයි. ජැකීගේ අනන්‍යතාව වන කොමඩි සහ පට්ට සටන් ටිකකින් සමන්විත ෆිලුමක්. ජැකීම කියන විදිහට, ඔහු නිර්මාණය කල චිත්‍රපට අතරින් ජැකී වඩාත්ම ප්‍රියකරන චිත්‍රපටය. ඒ තමයි හොංකොං නිර්මාණයක් වන Miracles හෙවත් Mr Canton and Lady Rose. මුලින්ම තිරගත වුනේ 1989 ජුනි 15 දිනයි. Action, Comedy, Crime, Drama, Romance යන ශානරයන්ට අයිති වෙනවා. 6.9/10 ක IMDb අගයකුත් ලබාගෙන තියෙනවා. ලොව පුරා ප්‍රදර්ශනයේදී විවිධ රටවලදී විවිධ නම් වලින් ඉදිරිපත් වුනා.
Kei zik ( ඔරිජිනල් නාමය )
Mr. Canton and Lady Rose ( හොංකොං ඉංග්‍රීසි නාමය )
The Canton Godfather ( ඕස්ට්‍රේලියාව )
Gangster ( පිලිපීනය )
Miracles:The Canton Godfather (එක්සත් රාජධානියේ වීඩියෝ නාමය )
Black Dragon (ඇමරිකා එක්සත් ජනපදය )

1990 වසරේ පැවති 9th Hongkong Film Awards සම්මාන උලෙළේදී සම්මාන 4 කට නිර්දේශ වූ අතර හොඳම සටන් නිර්මාණය වෙනුවෙන් ලැබෙන සම්මානය තමන් සතු කරගන්නට ජැකී චෑන්ගේ ස්ටන්ට් කණ්ඩායම සමත්වුනා. ඊට අමතරව 1989, Golden Horse Film Festival හී සම්මාන 5 කටද නිර්දේශ වුනා. හොංකොං ඩොලර් 34,036,029 ක බොක්ස් ඔෆීස් ආදායමකුත් උපයා ගැනීමට සමත් වුනු “මිරකල්ස්” වෙනුවෙන් හොංකොං සිනමාවෙ ජනප්‍රිය නලු නිලි පිරිසකුත් එකතුවෙලා තියෙනවා. Jackie Chan සමග Anita Mui (ලෝ මින්ග්), Wu Ma (හොයි මාමා), Bill Tung (ටුන්ග්) සහ Richard Ng (ඉන්ස්පෙක්ට හෝ) රංගනයෙන් දායක වෙනවා. ආ… ඔයාලට මතක ඇති 2008 වසරේ ආපු ආක්ෂේ කුමාර් සහ කත්‍රිනා කායිෆ් රඟපෑ Sing is Kinng හින්දි චිත්‍රපටය. ඒකත් Miracles එකේ රීමේක් එකක් තමයි.
කතාව කෙටියෙන් කියන්නම්. කතාවට පසුබිම් වෙන්නෙ 1930 වසරේ හොංකොං නගරය. චීනයේ සාමාන්‍ය පවුලක තරුණයෙක් වන චුන්-වා හොංකොං වලට එන්නෙ රස්සාවක් හොයාගෙන. ගොඩ බැහැපු දාම වංචාකාරයෙකුට අහුවෙලා අතේ තියෙන තුට්ටු දෙකත් නැතිවෙනවා. එදිනම හොංකොංහි ප්‍රබල පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් ඇතිවී එක කල්ලි නායකයෙක් මරණාසන්න තත්ත්වයට පත්වෙනවා. ඔහුව බේරගන්න මේ තරුණයත් ඔවුන්ට උදව් කරනවා. නමුත් ඔහු මිය යන අතර ඔහුගෙන් පසු කල්ලියේ නායකත්වයට චුන්-වා පත් කරගන්නවා. මෙසේ දෛවෝපගත ලෙස හොංකොංහී ප්‍රබලතම පාතාල කල්ලියක නායකයා ලෙස ඔටුනු පළදන මේ ග්‍රාමීය තරුණයාගේ අනාගතය කොහොම වෙයිද? ඔහු මේ අභියෝගයට කොහොම මුහුණ දෙයිද?
ඔරිජිනල් හොංකොං පිටපත විනාඩි 123 ක් දික්වූ අතර Extended Chinese පිටපත් විනාඩි 127 ක් වුනා. අන්තර්ජාතික පිටපත විනාඩි 102 කට සංස්කරණය වූ අතර ඔබට අපි ලබාදෙන්නේ, චීන භාෂාවෙන් වූ ඔරිජිනල් Extended පිටපතයි. එහෙනම් විනාඩි 127 පුරා දිගහැරෙන Mirales හෙවත් Mr Canton and Lady Rose බලමු.

Comments