CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2482 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 720p
  • Player 04 480p
  • Player 04 720p
Miracles Aka Mr. Canton And Lady Rose (1989) Sinhala Subtitles

Miracles Aka Mr. Canton And Lady Rose (1989) Sinhala Subtitles

Jun. 15, 1989Hong Kong127 Min.
Your rating: 0
10 2 votes
Miracles Aka Mr. Canton And Lady Rose (1989) Sinhala Subtitles

ජැකී චෑන්ගේ චිත්‍රපට ප්‍රිය කරන, නිතරම අප සමඟ රැඳී සිටින රසිකයින් වෙනුවෙන්, පොඩි නිහැඩියාවකට පස්සෙ අදත් අරගෙන ආවා ජැකීගේම අධ්‍යක්ෂනයක් වුනු, ටිකක් සැඟවිලා වගේ තියෙන ලස්සන නිර්මාණයක්. ඒ කියන්නෙ ටිකක් හොයාගන්න අමාරුයි. කතාව ලියල තියෙන්නෙත් ජැකීමයි. ජැකීගේ අනන්‍යතාව වන කොමඩි සහ පට්ට සටන් ටිකකින් සමන්විත ෆිලුමක්. ජැකීම කියන විදිහට, ඔහු නිර්මාණය කල චිත්‍රපට අතරින් ජැකී වඩාත්ම ප්‍රියකරන චිත්‍රපටය. ඒ තමයි හොංකොං නිර්මාණයක් වන Miracles හෙවත් Mr Canton and Lady Rose. මුලින්ම තිරගත වුනේ 1989 ජුනි 15 දිනයි. Action, Comedy, Crime, Drama, Romance යන ශානරයන්ට අයිති වෙනවා. 6.9/10 ක IMDb අගයකුත් ලබාගෙන තියෙනවා. ලොව පුරා ප්‍රදර්ශනයේදී විවිධ රටවලදී විවිධ නම් වලින් ඉදිරිපත් වුනා.
Kei zik ( ඔරිජිනල් නාමය )
Mr. Canton and Lady Rose ( හොංකොං ඉංග්‍රීසි නාමය )
The Canton Godfather ( ඕස්ට්‍රේලියාව )
Gangster ( පිලිපීනය )
Miracles:The Canton Godfather (එක්සත් රාජධානියේ වීඩියෝ නාමය )
Black Dragon (ඇමරිකා එක්සත් ජනපදය )

1990 වසරේ පැවති 9th Hongkong Film Awards සම්මාන උලෙළේදී සම්මාන 4 කට නිර්දේශ වූ අතර හොඳම සටන් නිර්මාණය වෙනුවෙන් ලැබෙන සම්මානය තමන් සතු කරගන්නට ජැකී චෑන්ගේ ස්ටන්ට් කණ්ඩායම සමත්වුනා. ඊට අමතරව 1989, Golden Horse Film Festival හී සම්මාන 5 කටද නිර්දේශ වුනා. හොංකොං ඩොලර් 34,036,029 ක බොක්ස් ඔෆීස් ආදායමකුත් උපයා ගැනීමට සමත් වුනු “මිරකල්ස්” වෙනුවෙන් හොංකොං සිනමාවෙ ජනප්‍රිය නලු නිලි පිරිසකුත් එකතුවෙලා තියෙනවා. Jackie Chan සමග Anita Mui (ලෝ මින්ග්), Wu Ma (හොයි මාමා), Bill Tung (ටුන්ග්) සහ Richard Ng (ඉන්ස්පෙක්ට හෝ) රංගනයෙන් දායක වෙනවා. ආ… ඔයාලට මතක ඇති 2008 වසරේ ආපු ආක්ෂේ කුමාර් සහ කත්‍රිනා කායිෆ් රඟපෑ Sing is Kinng හින්දි චිත්‍රපටය. ඒකත් Miracles එකේ රීමේක් එකක් තමයි.
කතාව කෙටියෙන් කියන්නම්. කතාවට පසුබිම් වෙන්නෙ 1930 වසරේ හොංකොං නගරය. චීනයේ සාමාන්‍ය පවුලක තරුණයෙක් වන චුන්-වා හොංකොං වලට එන්නෙ රස්සාවක් හොයාගෙන. ගොඩ බැහැපු දාම වංචාකාරයෙකුට අහුවෙලා අතේ තියෙන තුට්ටු දෙකත් නැතිවෙනවා. එදිනම හොංකොංහි ප්‍රබල පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් ඇතිවී එක කල්ලි නායකයෙක් මරණාසන්න තත්ත්වයට පත්වෙනවා. ඔහුව බේරගන්න මේ තරුණයත් ඔවුන්ට උදව් කරනවා. නමුත් ඔහු මිය යන අතර ඔහුගෙන් පසු කල්ලියේ නායකත්වයට චුන්-වා පත් කරගන්නවා. මෙසේ දෛවෝපගත ලෙස හොංකොංහී ප්‍රබලතම පාතාල කල්ලියක නායකයා ලෙස ඔටුනු පළදන මේ ග්‍රාමීය තරුණයාගේ අනාගතය කොහොම වෙයිද? ඔහු මේ අභියෝගයට කොහොම මුහුණ දෙයිද?
ඔරිජිනල් හොංකොං පිටපත විනාඩි 123 ක් දික්වූ අතර Extended Chinese පිටපත් විනාඩි 127 ක් වුනා. අන්තර්ජාතික පිටපත විනාඩි 102 කට සංස්කරණය වූ අතර ඔබට අපි ලබාදෙන්නේ, චීන භාෂාවෙන් වූ ඔරිජිනල් Extended පිටපතයි. එහෙනම් විනාඩි 127 පුරා දිගහැරෙන Mirales හෙවත් Mr Canton and Lady Rose බලමු.

Miracles Aka Mr. Canton And Lady Rose (1989) Sinhala Subtitles
Miracles Aka Mr. Canton And Lady Rose (1989) Sinhala Subtitles
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Rasika Samanjith (Subzlk)
IMDb 6.9 /10 4,999 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Jackie Chan
Director

Cast

Jackie Chan isKuo Chen-Wah
Kuo Chen-Wah
Anita Mui isYang Luming / Rose
Yang Luming / Rose
Gua Ah-leh isMadam Kao
Madam Kao
Richard Ng isChief inspector Ho
Chief inspector Ho
Tien Feng isKu Hsin-Chuan
Ku Hsin-Chuan
Ngai Jan isMr Ku's son
Mr Ku's son
Gloria Yip isBelle Kao
Belle Kao

Similar titles

Ruby Gillman, Teenage Kraken (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Godzilla vs Kong (2021) Sinhala Subtitles | Watch Online
Vakeel Saab (2021) Sinhala Subtitles
Yenni Thuniga (2022) Sinhala Subtitles | අසාර්ථක මංකොල්ලය ! [සිංහල උපසිරසි]
Together Together (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
BlackBerry (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Unbearable Weight of Massive Talent (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kung Fury (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode I – The Phantom Menace (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stargirl (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chal Mohan Ranga (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Action Replayy (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published