CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Mission Kashmir (2000) | කාශ්මීර මෙහෙයුම

 

මේ චිත්‍රපටියෙන් කියැවෙන්නේ කාශ්මීරයේ පවතින ගැටුම් හේතුවෙන් ජීවිතය බෙහෙවින් පීඩාවට පත් වූ අල්තාෆ් නම් කුඩා දරුවෙකුගේ කතාවක්. පොලිස් නිළධාරියෙක් වන ඉනායත් ඛාන්ගේ පුත්‍රයා අනතුරක් නිසා හදිසියේ උස ජනේලයකින් ඇද වැටෙනවා. ඔහුට ප්‍රතිකාර කිරීමට රෝහලට රැගෙන ගියත් වෛද්‍යවරු ඔහුට ප්‍රතිකාර කරන්නට මැලි වෙනවා. ඒ මින් පෙර පොලිස් නිළධාරී ඉනායත්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයෙක්ව කාශ්මීර සටන්කරුවන් විසින් ඝාතනය කළ නිසා. කෙසේ හෝ මේ නිසා ඛාන්ගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත්වෙනවා. මෙයින් ශෝකයෙන් සහ කෝපයෙන් වියරු වැටෙන ඉනායත් ඛාන් සටන්කාමීන් සමඟ නිර්දය ලෙස සටන් කරනවා. මෙතැනදී සටන්කාමීන් සහ ආරක්ෂක නිලධාරීන් අතර දරුණු ගැටුමක් නිසා ඔහුගේ මුළු පවුලම අමානුෂික ලෙස ඝාතනය වෙන්නේ අල්තාෆ් නම් පිරිමි දරුවාගේ දෑස් ඉදිරියේමයි. පසුව, ඉනායත් ඛාන් නම් පොලිස් නිලධාරියෙක් ඔහුව හදා වඩා ගෙන ඔහුගේ දරුවෙකු ලෙස ඇති දැඩි කරන්නට උත්සාහ කරනවා. දිනක් හදිසියේම තම පවුල ඝාතනය කිරීමට තමන්ව හදාවඩා ගන්නා ඉනායත් ඛාන් සම්බන්ධ බව අල්තාෆ් දැනගෙන ඔහුට වෙඩි තබමින් නිවෙසින් පළා ගොස් ත්‍රස්තවාදී සටන් කාමීන් සමඟ එක් වෙනවා.` අල්තාෆ් වයසට යත්ම සංගීතය හා චිත්‍ර කලාව පිළිබඳ සුවිශේෂී දක්ෂ හා දැනුමැති තරුණයෙකු බවට පත් වෙනවා. නමුත් ඔහුගේ පවුලේ බිහිසුණු විනාශයට හේතු වූ අයගෙන් පළිගැනීමට ඔහු තුළ දැඩි ආශාවක් පවතිනවා. පොලිස් ප්‍රධානියාගේ දියණිය වන සුෆියා සමඟ ආදරයෙන් බැඳී සිටින විට අල්තාෆ්ගේ ජීවිතය වෙනස් වේ. අල්තාෆ් තමන්ගේ ආදරය නිසා පළිගැනීමේ චේතනාවෙන් ඈත් වෙයිද? නැතහොත් සිය පළිගැනීමේ ආශාවෙන් ආදරය පාවා දෙයිද? චිත්‍රපටය බලලාම මේක දැනගනිමු.

Comments