EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Monkey Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageMonkey Man (2024) | “පළිගැනීමේ වියරුව” (18+)
මේකේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වෙනවත් එක්කම හුඟ දෙනෙක් කියපු කතාවක් වුණේ John Wick වගේ චිත්‍රපටයක් ඉන්දියාවෙ වයිබ් එකෙන් බලන්න ලෑස්ති වෙමු කියලා. මං හිතන්නේ ඇක්ෂන් නිසා එහෙම කියන්න ඇති.චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ බ්‍රිතාන්‍ය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන Dev Patel විසින්. එතකොට නිෂ්පාදනය කරන්නේ Kandy Man, Get Out, Nope වගේ ගුණාත්මක චිත්‍රපට අපිට ලබාදුන්න ඇමරිකානු නළුවෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වගේම නිෂ්පාදකවරයෙක් වෙන Jordan Peele විසින්.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගන දායකත්වය දෙන්නේ අධ්‍යක්ෂක Dev Patelම තමයි. ඊට අමතරව Sharlto Copley, Pitobash Tripathy, Sobhita Dhulipala, Sikandar Kher, Vipin Sharma, Ashwini Kalsekar වැනි නළු නිළියන්.චිත්‍රපටියේ ඉංග්‍රීසි සහ හින්දි භාෂා ද්විත්වයම අන්තර්ගත වෙනවා.
චිත්‍රපටයේ ස්ටෝරිය හැරෙන්නේ ඉන්දියාව පැත්තට. ඉන්දියාවේ තියෙන ආගමික මතභේදයක් වටා ගෙතුණු පළිගැනීම චේතනාව කරගත්ත පිරිමි ළමයෙක් වටා තමා කතාව ගෙතෙන්නේ. මීට වඩා නම් කතාව කියන්න අදහසක් නෑ. ඔයාලම බලන්නකෝ.
ඉන්දියාවෙන් එන John Wick, Ong Bak වගේ චිත්‍රපටයක් කියලා හිතාගන්න. රසවිඳින්න. ඔයාලට ජය.











