EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Monster (2022) | ”රකුසු බුද්ධියේ කොල්ලය”

අද අරං ඇවිල්ලා තියෙන්නෙ දවස් 4 කට වඩා වැඩි කාලයක් උපසිරැසි ගැන්වීමට වෙහෙස මහන්සි  වූ තවත් සොඳුරු මලයාලම් චිත්‍රපටයක්… අඩා ! ඇත්තටම කියන තරම් මේ චිත්‍රපටය සුන්ඳරද…? පැය  2 විනාඩි 15 ක  කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් රකුසෙකුගෙ බුද්ධියෙන් ගේම දෙන  කොල්ලකන කතාවක් තමයි මේක..

4.6/10 ක  IMDB අගයක්  ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය  Action / Thriller    කාණ්ඩයට අයත් මලයාලම් චිත්‍රපටයක්. මලයාලම් විශිෂ්ට නළු Complete Actor lalettan හෙවත් Mohanlal  ඇතුළු Honey Rose , Sudev Nair , Iakshmi manchu හා swastika අතුළු නළු නිළියන් රැසක් මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වන අතර අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Vysakh විසින්.

කතාව ගැන කිව්වොත්  භාමිණී කියන්නේ තම සැමියා චන්ද්‍රා හා දියණිය කුංජාට්ටෙ එක්ක එක්තරා මහල් නිවාසෙක ජීවත් වෙන කාන්තාවක්. මෙයාගෙ රස්සාව තමයි She-Taxi කියන කුලී රථ සමාගමේ වැඩ කරන එක. කොහොමහරි එක දවසක භාමිණීට පැවරෙනවා මේ සමාගමේ අයිතිකාරයාගෙ සුවිශේෂී වාසනාවන්ත  අමුත්තෙක්ව ⁣ගුවන් තොටුපළෙන් පික්-අප් කරන්න. භාමිණීගෙ යාළුවා මේ සිද්ධිය ඇයට කියන්නෙත් ගොඩක්ම පරක්කු වෙලා… කොහෙන් කොහොමහරි මේ සුවිශේෂී අමුත්තව එක්කන් එන්න ඇයට සිද්ධ වෙනවා. ඇත්තටම කව්ද මේ අමුත්තා…? මොකක්ද එයාගෙ තියෙන සුවිශේෂී කම…? ඔය කියන බුද්ධියෙන් ගේම දෙන මිනිහා මෙයාවත්ද…? පොර වසනාවන්තයෙක්ද…, අවාසනාවන්තයෙක්ද….,  නැත්තම් “රකුසෙක්ද” 

තව දෙයක් කියන්න තියෙනවා මේ චිත්‍රපටයේ  ගොඩක් අය කතා කරන්න අකමැති ගැඹුරු අර්ථයකුත් සැඟවිලා තියෙනවා…..!

ඒ ගැන දැනගන්න නම්  මේ රකුසු කොල්ලය අනිවාර්යයෙන්ම නරඹන්න ★

Comments

December 10, 2022

Thank god movie eka dannakoo.