EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Mortal Kombat Legends: Cage Match (2023) | “ජොනී කේජ් මොකක් කරයිද?”

අද ඔයාලට අරගෙන ඇනිමේෂන් ෆිලුමකට උපසිරැසි. ඒ මොකක්ද කියලා ඔයාලා මේ වෙනකොටත් දන්නවනේ. ඔව්, ඒ Mortal Kombat Legends: Cage Match ෆිල්ම් එක. මේ Mortal Kombat ඇනිමේෂන් ෆිල්ම් සීරිස් එකේ හතරවෙනි දිගහැරුම තමා මේ. කලින් ෆිල්ම් ටික බලාගන්න මං පහලින් සඳහන් කරන්නම් ඊට අදාල පෝස්ටරයත් එක්කම.

01. Mortal Kombat Legends: Scorpion’s Revenge (2020)

02. Mortal Kombat Legends: Battle of the Realms (2021)

03. Mortal Kombat Legends: Snow Blind (2022)

ඉතින් මේ ෆිල්ම් එක ගැන යන්නෙ, මෝටල් කොම්බැට් franchise එකේ කික් බොක්සර් වන ජොනී කේජ්, එහෙමත් නැත්තම් ඇක්ෂන් තරුව ගැන. කලින් ෆිල්ම් තුනත් එකිනෙකට කිසිඳු සම්බන්ධ නෑ වගේම මේ ෆිල්ම් එකත් එහෙමයි. ඒ නිසා ඔයාට මේ ෆිල්ම් ටික පිලිවෙලකට බලන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ඉතින් ඔයා කලින් ෆිල්ම් ටික බලලා නැත්තම් ඒවත් බලන්න. ඉතින් මේ ෆිලුම 5.8/10 ක IMDb අගයක්ද ගූගල් පරිශීලක අගය 36% ක අගයක් ලබාගෙන තියෙනවා. ෆිල්ම් එකේ අසැබි වචන නොසෑහෙන්න පාවිච්චි වුනත් රසාස්වාදනයට බාධාවක් නොවෙන්න ඒ ළගින්ම යන විදිහට වචන හරඹයක් කළා. ආතල් එකේ ඉඳන් බලන්න පුළුවන් ඇනිමේෂන් එකක්. ඔයත් මෝටල් කොම්බැට් රසිකයෙක් නම් අනිවා මගහැරගන්නෙ නැතුව බලන්න කියලා මතක් කරනවා.

Comments