EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMufasa: The Lion King (2024) | හකූනා මුෆාසා…
ලයන් කිං කියන්නේ අපි කවුරුත් පුංචි කාලෙ බලපු ආසම චිත්‍රපටයක්. අපිට මේකෙ ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකක් The Lion King (2019) නමින් ජෝන් ෆැව්රුගෙ අධ්‍යයක්ෂණය යටතෙ බලන්න ලැබුණා. මේක ඒ චිත්‍රපටය සීක්වල් එකක් විදිහට තමා එන්නෙ. ප්‍රීක්වල් එකක් කියන්නත් බැරි නෑ. Photorealistically animated තාක්ෂණය පාවිච්චි කරලා හදපු මේ ෆිල්ම් එක අධ්‍යයක්ෂණය කරන වැඩේ භාර වුණේ Barry Jenkins අතට. ඉතින් මේ ෆිල්ම් එකේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය ඔයාලම බලල තීරණය කරන්න.
මේ වෙද්දි 6.6/10ක IMDb මනාපයක් 46000කගෙන් අරගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනව. ඒ විතරක් නෙමෙයි, මේක සම්මාන 15 සඳහා නිර්දේශ ලබලා තියෙනවා. Kelvin Harrison, Jr. Kelvin Harrison Jr., Tiffany Boone සහ Kagiso Lediga විසින් ප්‍රධාන ලෙස හඬ නළු දායකත්වය සපයල තියෙනව.
කතාව ගැන ගත්තොත් 2019 ෆිල්ම් එක ඉවර වෙලා වැඩි කාලයක් නොගිහින් මේකෙ කතාව ආරම්බ වෙනව කියලා හිතන්න පුලුවන්. සිම්බාටයි, නාලාටයි තවත් පැටියෙක් ලැබෙන්න ඉන්න නිසා, එයාලගේ දුව කියාරාව පුම්බා සහ ටීමෝන්ට බාර දීල ඒ දෙන්නා යනවා. මේ අතරේ මෙතනට එන රෆීකි, කියාරාට එයාගේ සීයතාත්තා නොහොත් මුෆාසාගේ කතාව කියනවා. මේ කතාව තමයි අපිට ෆිල්ම් එකේ දකින්න ලැබෙන්නෙ. මුෆාසාගෙ දෙමාපියො ගැන, එයාගෙ පසුබිම ගැන, එයාට මුහුණ දෙන්න සිදු වෙන දේවල් වගේම ස්කා කියන්නේ කවුද, එයා මුලදි මොන වගේ කෙනෙක්ද කියන දේවලුත් තව ගොඩක් කාරණාත් අපිට මේ කතාවෙන් දැනගන්න පුලුවන්.
හැමෝටම පවුලක් විදිහට මේ ෆිල්ම් එකත් බලන්න කියලා ආරාධනා කරමින් මම සමුගන්නවා!












