EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Muzzle: City of Wolves (2025) | “වෘකයන්ගේ නගරය”

ඔයාලට මතකද 2023 දී ආපු Muzzle කියලා ෆිල්ම් එකක්? අර පොලිස් නිලධාරියෙක් එයාගෙ නැතිවුණු පොලිස් බල්ලා වෙනුවෙන් පලිගන්න කතාවක්. අන්න ඒකෙ දෙවෙනි කොටස තමයි Muzzle: City of Wolves කියන්නෙ. John Wick වගේ තනියම ගේම ඉල්ලන කතාවලට ආස අයට මේක නියමයි.

මේ කතාව යන්නේ ජේක් කියන පොලිස් නිලධාරියා ගැන. එයා දැන් රස්සාවෙන් අයින් වෙලා, තමන්ගේ පවුලයි පරණ බල්ලයි එක්ක පාඩුවෙ ජීවත් වෙන්න හදනවා. හැබැයි ඉතින් චිත්‍රපටවල පාඩුවෙ ඉන්න දෙන්නේ නෑනෙ. මත්ද්‍රව්‍ය විකුණන ලොකු ගැන්සියක් ඇවිත් ජේක්ගේ පවුලට ලොකු කරදරයක් කරනවා.

ඉතින් ජේක්ට ආයෙත් පරණ පුරුදු රස්සාවට බහින්න වෙනවා. මේ පාර එයා තනියම නෙවෙයි,ආර්ගෝස් කියලා අලුත් බල්ලෙකුත් හවුල් කරගෙන තමයි මේ සටනට යන්නෙ….

කලින් ෆිල්ම් එකෙත් හිටපු Aaron Eckhart තමයි ප්‍රධාන චරිතය, ජේක් විදිහට ඉන්නෙ. එයාගෙ මූණෙ තියෙන රළු පෙනුම මේ වගේ දරුණු චරිතයකට නියමෙට ගැළපෙනවා. මේකෙ කතාව ලොකුවට සංකීර්ණ නෑ. සරලයි. හැබැයි හොඳ ඇක්ෂන් සීන් ටිකක් තියෙනවා. බල්ලන්ට ආදරේ කරන, ඒ වගේම ටිකක් දරුණු සටන් තියෙන ෆිල්ම් බලන්න කැමති අයට මේක හරි යනවා…

Comments

December 21, 2025

❤️