EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Naan Kadavul Illai (2023) | “මම දෙවියන් නෙවෙයි”
මේක රිලීස් උනේ මේ අවුරුද්දේ මාර්තු 3 වෙනිද.. මේක අයත් වෙන්නෙ Crime/Thriller/Action කියන Category එකට.. හැබැයි මේක බලලා ඉවර වෙලා, මේ අවුරුද්දේමද කියලා නම් අහන්න එපා ඇ පොඩ්ඩක් පරණ පාටයි වගේ
Cast
Samuthirakani as Senthooran
Sakshi Agarwal as Leena
Saravanan as Veerappan
S. A. Chandrasekhar
Ineya
Yuvan Mayilsamy
කොහොම හරි ප්‍රධාන චරිතය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ Samuthirakani
එයා ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ… ඕන චරිතයක් කිසිම ගින්නක් නැතුව බාරගෙන කරන නළුවෙක්.. කොහොම හරි මං නම් පොරව දකින්න ආස “තාත්තා” ගෙ චරිතයෙන්…2023 ආපු ශිවකාර්තියන්ගෙ Don ෆිලුම බැලුව නම් අන්තිමට මෙයා මුළු ඕඩියන්ස් එකම අඩවපු හැටි දකින්න ඇති 🥺❤ ඒ තරම් ලස්සනයි ඇක්ටින් ❤ හැබැයි ඔහොම ඇවිල්ල මේ ෆිලුමේ නම් එයාගේ වැඩ කොච්චර දුරට සාර්ථකද කියලා නම් මට හිතාගන්න බෑ.. මේකෙදි පොඩ්ඩක් වැඩේ ඩාන් ඩූන් වෙලාද මන්දා.. ඒක ඔයාලම බලල තීරණය කරන්නකෝ..
මේකෙ විලන් ගැන කියනවා නම් Saravanan කියන නළුවා රංගනයෙන් දායක වෙන්නෙ.. පොර ගොඩක් දරුණු මිනීමරුවෙක් කියලා අපිට පැහැදිලි කරන්න ඩිරෙක්ටර් මාරම ගේමක් දීලා තිබුනා. වෙලාවකට හිතුනා ෆිල්ම් එකේ විලන්ට අනවශ්‍ය විදිහට පුම්බන්න හදල වැඩිදෝ මන්දා කියලා…
ගොඩක් පල්ලෙහා තිබ්බ මලයාලම් සිනමාව උඩට ඇවිල්ල දැන් තියෙන තැනයි ,
තැනකට ඇවිල්ල මේ ලොකු ලොකු වැඩ කරන උඩින්ම තියෙන දමිළ සිනමාවයි දෙක දිහා බලනකොට මේ ෆිලුම මොකක්ද කියලත් හිතුනා අප්පා.. කොහොම හරි හැමදේම තියෙන්නේ ඩිරෙක්ටර්ගෙ අතෙනේ..
දරුණු මිනීමරුවෙක් හිරෙන් නිදහස් වෙලා කරන මිනීමැරුම් මාලාවක් සහ මිනීමරුවව කොටු කරගන්න ලොකු පරිශ්‍රමයක් දරණ පොලිස් නිලධාරියේක් වටා තමයි කතාව යන්නෙ…
මේ වගේ ෆිල්ම්ස් බලන ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා මේ ෆිලුමත් බලන්න කියලා එහෙනම්..

