EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Night Shift (2023) | ගුප්ත පරිශ්‍රයක රාත්‍රී වැඩමුරය

 

ඉතිං අද මං අරගෙන ඇවිත් තියෙන්නෙ Horror ඛාණ්ඩයට අයත් වන Night Shift චිත්‍රපටය. මේ චිත්‍රපටය 2023 වසරේ නිකුත් වූවක්. මේ වනවිට 5.3/10 IMDb අගයක් සහ 71% එහෙක Rotten Tomatoes අගයක් ලබාගන්න හැකියාවක් ලැබිලා තියෙනවා මේ චිත්‍රපටයට. දැන් ඔයාලා දන්නවා මේක Horror චිත්‍රපටයක් කියලා. හැබැයි මේකෙ පොඩි විශේෂත්වයකුත් තියෙනවා. පැය 1 යි මිනිත්තු 22කට සීමා වෙන මේ Night Shift චිත්‍රපටය, මං කලින් සඳහන් කළා වගේම Horror ඛාණ්ඩයට වගේම Suspense කියන ඛාණ්ඩයටත් අදාල වෙනවා.

 

ඒ කියන්නෙ මේ චිත්‍රපටය ‘ අද්භූත සහ දෙගිඩියාවෙන් යුතු ‘ කියන ගොඩට වැටෙන්නෙ කියලා ඔයාලට යම් අදහසක් එන්න ඇති. පැය එක හමාරක් තුළ දිව යන මේ චිත්‍රපටය, පැය කීපයක් ඇතුළත ගෙවෙන සිදුවීමක් වටා තමයි ගෙතෙන්නෙ. Horror ෆිල්ම් fan කෙනෙක්ට වෙලාව යනවා නොතේරෙන්න, මේක හොඳට රසවිඳින්න පුළුවන් චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. මොකද කතාව මැදක් වෙද්දී සම්පූර්ණයෙන්ම උඩියටුකුරු වීමක් සිද්ධ වෙනවා කතාව තුළ. ඒ නිසා චිත්‍රපටය ගැන විස්තරයක් කළොත්, අනිවාරෙන්ම මං ඒක ඔයාලගේ රසවින්දනට කරන ලොකු බාධාවක්. ඒ නිසා වැඩිය ලිපිය දිග්ගස්සන බලාපොරොත්තු වෙන්නෙ නැහැ.

Comments