EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

0 Kala (2023) | “ජීවිතයේ වටිනාකම”

Romance කියන Category එකට අයත් වෙන මේ ෆිල්ම් එක සමාජයට ලොකු ආදර්ශයක් දෙන්න සමත් වෙලා තියෙනවා ♥️ නිදහසේ ෆිල්ම් බලන්න ආස අයට ගැලපෙන ලස්සන ෆිලුමක් මේක 🥺❤️ ලස්සන කෙල්ලෙකුත් ඉන්නවා..බැලුවට පාඩු නෑ…බලන්න🥰😙😏

Director & Writer Deepak Kolipaka

Cast

Keshavdeepak Ballari
Roshni Sahota
Santhosh Singuru

විස්තරේ පොඩ්ඩක් කියන්නම් 🙂

හාරිකා කියන්නේ බිස්නස් එකක් පටන් අරන් ඒකෙන් බංකොලොත් වෙලා අනාත වෙලා ඉන්න කෙල්ලෙක්.. මෙයා ඒ ගැන දුකෙන් ඉන්නකොට මෙයාට නාදුනන නම්බර් එකකින් කෝල් එකක් අරන් කෙනෙක් කතා කරනවා.. ඒ කෙනා කියනවා හරිකාට ජිවිතේ නැති කරගන්න කියලා.. ඒත් මැරෙනකොට වේදනාව දැනෙන්නේ නැති වෙන්න කියලා හරිකාට මත්පැන් බොන්න කියනවා.. හරිකා මත්පැන් බොන ගමන් රෙස්ටුරන්ට් එකේ ඉන්නකොට මෙතනට එනවා “හර්ෂා” කියලා කෙනෙක්.. මේ දෙන්නා ගොඩක් මිතුරු වෙලා කතා බහ කරනවා.. මේ කතා බහ කොච්චර දුර දිග යනවද කිව්වොත් “හාරිකා”ගේ හිතේ “හර්ෂා” ගැන ආදරයක් පවා ඇති වෙනවා.. ඒත් මේ සරල කතාවටයි.. හර්ෂටයි පිටිපස්සෙ ලොකු කතාවක් තියෙනවා..

ඒ කතාව මොකක්ද..?
කව්ද මේ හර්ෂා කියන්නේ..?
කව්ද හාරිකාට ෆෝන් එකෙන් මැරෙන්න කිව්වේ..?

මේ සේරටම උත්තර දැනගන්න මේ ලස්සන ෆිලුම බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා ♥️😋

“සමහර අය තමන්ගේ වාසනාවට ලැබුණු ජිවිතේ නැති කරගන්න උත්සහ කරද්දි…
තවත් අය තමන්ගේ ජිවිතේ එක්ක සටන් කරනවා..”

Comments