CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4913 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
October (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

October (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 13, 2018India109 Min.
Your rating: 10
8 12 votes
October (2018) | සමන්පිච්ච මල් අතරින් ජීවිතය සොයා යන්න..

වරුන්ට ආස නැද්ද?
එපා කරපු නළුවෙක්ද?
එහෙනම් බලන්නෙපා.
බැලුවොත් ඌ ගැන ආදරේ හිතෙයි.

බල බල ඉද්දි ඈනුමක් ගියාද?
එහෙමම වහලා දාන්න. බලන්නෙපා.
ඔයාට මේක විඳින්න බැරි වෙයි
ඔයා කියයි, ” අපෝ මේ මොකක්ද”
“මෙලෝ රහක් නෑනේ”

ඒත් මේක නෙමේද ජීවිතය?
මේක නෙමේද සිනමාව?
රීල් පටියකට පුලුවන් නම් පපුව ගැඹුරටම ගිහින්
තමන්ගෙ අණසක පතුරුවන්න,
ඊටත් එහා සිනමාවක් තියෙන්න පුලුවන්ද?

කොන්දේසි විරහිතව බලන්න ගන්න.
අරගෙන පරිස්සමට ඉඹින්න.
ඒ සමන්පිච්ච මල් සුවඳින් පපුව පුරෝගන්න.

කාගෙත් හිත් හොරාගත්තු Piku (2015)Pink (2016) චිත්‍රපටි මතකද? අමතක වෙන්න විදිහක් නෑ. ඒ සිනමාපට අරන් ආපු Shoojit Sircar මහත්තයගෙ අලුත්ම වැඩේ තමා මේ ඔක්තෝම්බරය. කියන්න වුවමනා නෑ මේ සලරුවත් උඩ කියපු ඒවට කීයටවත් දෙවනි වෙන්නෙ නැති බව. Shoojit මහත්තයා ඔක්තෝම්බරය එක්ක මේ සැරේ එකතු කරගත්තේ කවුරුත් නොහිතන සමහරු අකමැති වරුන් ධවාන් කොලුවා සහ ප්‍රධාන නිළිය වශයෙන් කාටවත් දැකලා හුරුවක්වත් නැති බනීටා සන්ධු කියන දැරිවි. වරුන් ගැන විශේෂයෙන් දෙයක් කියනව නම් තවමත් එයා දායක වෙච්ච කිසිම චිත්‍රපටියක් මූල්‍යමය වශයෙන් අසාර්ථක වෙලා නෑ. ඔක්කොම සල්ලි හොයන මැෂින් වගේ වුණා. හැබැයි ඔක්තෝම්බර් චිත්‍රපටිය, මූල්‍යමය අතින් මහ ලොකු ලාභයක් නම් අත් කරගත්තෙ නෑ. එව්වා ඒ විදියට උනාට ඔක්තෝම්බර් පස්ස හැරිල බැලුවේ වරුන්ට ලොකුම ලොකු රසික ප්‍රජාවක් බිහි කරලයි. මෙච්චරකල් වරුන්ට බැන බැන එයාගෙ චිත්‍රපටි බලපු අය ඉන්නව නම් අදින් පස්සෙ ඒ අදහස් වෙනස් වෙනවට සැකයක් නෑ. ඒ වගේම මේකේ ඉන්න අලුත් දැරිවි ගැන කියනව නම් ආධුනිකයි කියලා හිතන්නවත් බැරි වෙන්න තමන්ගෙ වැඩේ ගානට මිම්මට ඉෂ්ට කරල ඇති. බොරුද බලන්නකෝ.

ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.7ක් වගේ ලොකු අගයක් වාර්තා කරන්න ඔක්තෝම්බර් සමත් වෙලා තියෙනවා, ජන්ද 6200+ ප්‍රමාණයකින්. එදා මෙදාතුර හොඳම ඉන්දියානු සිනමාපට අතර 164 වෙනි ස්ථානය රැකගෙන ඉන්නත් කාගෙත් ආදරේ නොඅඩුව දිනාගත්තු මේ අගනා සලරුව සමත් වෙලා තියෙනවා. එහෙනම් මේ එළඹෙන්නේ ශ්‍රී ලාංකික බොලිවුඩ් රසිකයන්ට හොඳම සිනමාවක රහ බලන්න ලැබෙන ස්වර්ණමය අවස්ථාවක්. ඉදිරි පැය දෙක හොඳම පැය දෙකක් වෙනවා සත්තයි!

ෆිල්ම් එක ගැන උඩ හැදින්වීම මයුර කොල්ලගෙන්. මම, මේ අවුරුද්දට කරන එකහමාරවෙනි ෆිල්ම් එක තමා මේක. අවුරුද්දකට ෆිල්ම් එකාහමාරක්ම. වාව්. හොඳ ප්‍රගතියක්. ඒ වගේම මේක තවත් වාර්තාවක්. මොකද අදාළ කාලයට වඩා මාස එකාමරකට කලින් සබ් එකක් දෙන එකම කෙනා මම වෙනවා. ඔක්තෝබර් දෙන්න ඕනේ ෆිල්ම් එකක් අගෝස්තු මාසේ දෙන නිසා. (ෆිල්ම් එකේ නම ඔක්තෝබර් නිසා) කලට වෙලාවට ඔක්තෝබර්පේ මාසෙම තමා ෆිල්ම් එක දෙන්න හිතං උන්නේ, ඒත් අපේ උන්දලට හදිස්සිය නේ, ඒ නිසා තමයි කලින්ම මේක දෙන්නේ මේ. ඒ වගේම මේ ෆිල්ම් එක මට හම්බුණේ ප්‍රේක්ෂක ඡන්දයෙන්. සබ් නොකරන තරමේ කෙනෙක් වෙලත් තවමත් මාව මතකයේ තියං ඉන්න එක ගැන මම එයාලට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සමාවත් ඉල්ලනවා මෙච්චර ඉක්මණින්ම සබ් එක දෙන්න වුන එකට. ආයෙත් සබ් එකකින් හම්බෙමු කියන්නත් බයයි, මොකද මෙච්චර ස්පීඩ් සබ් කරද්දී ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය දරාගැනීමේ හැකියාව සීමිත නිසා.  එහෙනම් යන්නම්. ජය වේවා!!

October (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
October (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
October (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
October (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
October (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
October (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
October (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම හේවා ලුණුවිලගේ (Baiscopelk)
IMDb 7.5 /10 16,076 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Naale Rajaa Koli Majaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Subramanyam for Sale (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Theera Kaadhal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aadukalam (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Country for Old Men (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Most Eligible Bachelor (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Flying Jatt (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Freddy (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raatchasi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Walking Against the Rain (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sun Of Satyamurthy (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deewana (1992) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published