EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageඅභ්‍යවකාශ සිර දඬුවම
අද අරගෙන ආවේ 2025 වසරේ නිකුත් වුණ Sci-Fi Triller චිත්‍රපටයක්. චිත්‍රපටයේ නම The Ohryis Project.
චිත්‍රපටයේ කතාව ගෙතී තියෙන්නේ මන්දාකිණියේ කෙළවරක පිහිටි අභ්‍යවකාශ බන්ධනාගාරයක් (Prison Space Station) මූලික කරගෙනයි.
මේ බන්ධනාගාරය ඇතුළේ සේවය කරන කැමරන් නැමැති මවක්, බලවත් සමාගම් විසින් රහසිගතව සිදුකරන වංචනික සිද්ධියක් අහම්බෙන් දැකීම හින්දා ඇයවත් මේ බන්ධනාගාරයේම සිරකාරියක් බවට පත් කරනවා.
රොබෝ ආරක්ෂකයින් සහ අනුකම්පාවක් නැති පාලන පද්ධතියක් මැද, තමන්ගේ දරුවන් ළඟට නැවත යන්නට ඇය දරන දැවැන්ත උත්සාහය තමයි මේ චිත්‍රපටය පුරාවට දිවෙන්නේ.
මේ වෙද්දී මේ චිත්‍රපටයට IMDb මීටරය නම් කැරකිලා තියෙන්නේ 4.5/10 වගේ අගයකට.


