EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Ooru Peru Bhairavakona (2024) | “මරණයේ අඩවිය”

මේ සුපිරි තෙලිගු සිනමා සිත්තම නිකුත් වෙන්නෙ 2024 පෙබරවාරි 16 වෙනිදා.. මේක අයත් වෙන්නෙ fantasy / Horror / thriller / Action කියන කැටගරි එකට.. ටිකක් වෙනස් විදිහෙ අමුතු තේමාවක් ඔස්සෙ තමයි කතාව ගලාගෙන යන්නෙ නම්..

ඔයාලට මතකද 2023 ආපු Virupaksha කියන තෙලිගුව.. අන්න ඒ වගේ ස්ටෝරි එකක් තමයි මේකෙත් තියෙන්නෙ.. ආත්ම එක්ක තමයි මුළු කතාවම යන්නෙ.. මිස් කරගන්නෙ නැතුව බලන්න කියල අනිවා කියනව.. මොකද පට්ට ස්ටෝරි එකක් තියෙන්නෙ..

මේක අධ්‍යක්ෂණය කරන්නෙ Vi Anand කියන අධ්‍යක්ෂකවරයා.. ඒවගේම ගොඩක් දෙනෙක් මේක බලන්න පෙලබෙන්නෙ කවුරුත් ආදරේ කරන දක්ෂ නළුවා Sundeep Kishan ඉන්න එකනේ.. මේක මෙයාගෙ මේ අවුරුද්දෙ ආපු දෙවනි ෆිලුම.. මොකද අපේ දනුෂ්ගෙ Captain Miller 2024 ටැමිල් ෆිලුමෙත් මෙයා හිටියනෙ.. ඒවගේම ඔන්න ඊලගට දනුෂ්ගෙම මේ අවුරුද්දෙ එන්න තියෙන Raayan 2024 ෆිලුමෙත් මෙයා ඉන්නව කියල නිළ වශයෙන් දැනුම් දීල තියෙනව.. ඒකත් කට්ටියට හොද ආරංචියක් වෙයි..

අවංකවම මට නම් සන්දීප්ගෙ Michael 2023 ෆිලුමට වඩා නම් මේක සෙට්.. ඒක අනවශ්‍ය විදිහට ඇක්ෂන් දාල නිකන් KGF ලයිට් වර්ශන් කරන්න ගිහින් තිබ්බනෙ.. මේක නම් හොද ත්‍රිලර් ගතියට ගැම්මක් එක්ක තිබුනා..

ඊටපස්සෙ මේකෙ ප්‍රධාන නිළිය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ ගොඩක් දෙනෙක් තලපතිගේ Bigil 2019 ෆිලුම හරහා ගයාත්‍රි විදිහට අදුනගත්තු අර චූටි කෙල්ල, Varsha Bollamma..මෙයාගෙත් හරිම ලස්සන රංගනයක් ෆිලුම පුරාවමට තිබුණා.. ඒවගේම තෙලිගු සිනමාවෙ ගොඩක් ෆිල්ම්ස් වල විකට චරිතය විදිහට ඉන්න ක්‍රිෂෝර් මේකෙත් මරු කොමඩි ටිකක් දෙනව..

ඔයාලම බලන්නකො මේ සුපිරිය එහෙනම්..

Cast
Sundeep Kishan as Basavalingam
Kavya Thapar as “Agraharam” Geetha
Varsha Bollamma as Bhoomi
Vennela Kishore as Doctor Narappa
Harsha Chemudu as John
P. Ravi Shankar as Rajappa
Vadivukkarasi as Pedamma

විස්තරේ ගැන කියනව නම්,

බසවා කියන තරුණයා එයාගෙ යාළුවා එක්ක ආභරණ වගයක් මංකොල්ල කාල වාහනේකින් පැනල යන ගමන් ඉන්නෙ.. පොලිසියත් මෙයාල පස්සෙන් පන්නනව.. ඔහොම යනකොට මෙයාලට මගදි අනතුරක් වෙලා පාරෙ වැටිල ඉන්න තරුණියක්ව හම්බෙනව..

මෙයා මේ තරුණියව වාහනේට දාගෙන කැලෑ පාරකින් එක්තරා ගමකට යනව දොස්තර කෙනෙක් හොයාගෙන.. ඒ ගම තමයි “බයිරවකෝනා” කියන්නෙ.. හරිම අත්භූත ගමක්.. ගමට යනකොටම එක්කෙනෙක් කියනව, “ගමට ඇතුල් උනොත් ආයෙ පිටවීමක් නෑ කියල” ඒත් බසවා ඒව කනකට නොගෙන ඇතුලට යනව.. දොස්තර කෙනෙක් හොයාගෙන අර තරුණියට බෙහෙත් කරන්න බාරදීල මෙයාල පොඩ්ඩක් එළියට යනව..

බසවා නොදන්න කාරණේ තමයි මේ අනතුර උනා කියල වාහනේට දාගත්තු කෙල්ල හොරකම් කරන කෙල්ලෙක් කියනඑක වගේම එයා අනතුරක් උනා වගේ බොරුවට රගපෑව කියන එක…බසවා ආපහු ඇවිත් බලනකොට මෙයාගෙ වාහනෙයි අර ආභරණ ටිකයි සේරම අර තරුණිය අරන් ගිහින්.. හැබැයි මග යන අතරතුරදි මේ ගමේ ඉන්න එක්තරා පිරිසක් මේ තරුණියගෙන් මේ වාහනෙයි ආභරණ ටිකයි අරගන්නව..

ඒ ආභරණ අරගත්ත පිරිස කවුරු වෙන්න ඇතිද.?

අවතාර වෙන්න බැරිද.?

එතකොට ඇයි මේ බසවා ආභරණ හොරකම් කරන්නෙ.?

ඒකට හේතුව මොකක්ද.?

එතකොට මේ ගමේ තියෙන අභිරහස මොකක්ද.?

ඇත්තටම මේක අවතාර වලින් පිරිච්ච ගමක්ද.?

මේ සේරටම උත්තර දැනගන්න මේ සුපිරිය ඔයාලටම බලන්න කියල ආදරෙන් ආරාධනා කරනව.. මං මේ ෆිලුමෙ තිබ්බ මට ෆීල් වෙච්ච, මටම කියාපු දෙබසකින්, විස්තරේ ඉවර කරන්නම්..

– සමාව දෙන්න බැරි අයට, ආදරේ කරන්න අයිතියක් නෑ..

– ආදරේ කරන්න දන්නෙ නැති අයට, සත්‍ය දැනගන්න අයිතියක් නෑ..

Comments

April 28, 2024

Good film