EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageOru Jaathi Jaathakam (2025) | කසාද බඳින්න මෙච්චර අමාරුද?
ආයුබෝවන්, රේටිං ටිකක් අඩුයි වගේ තමා. ඒත් මේක අත අරින්න බැරි චිත්‍රපටියක් නිසා උප සිරැසිය දුන්නා. ඇත්තටම කියනවා නම් මේක බලන්නම ඕනෙ මලයාලම් රොමැන්ටික් කොමඩියක්. කිසි වෙනසක් නෑ අපේ සමාජයටත් මේක කෙලින්ම අදාළ කර ගන්න පුළුවන්. බොහෝ විට ඔබේ කතාවත් වෙන්න පුළුවන්.
කසාද බඳින එක කොච්චර අමාරුද කියල තේරෙන්නෙ මේකෙ ප්‍රධාන චරිතය ඒ කියන්නෙ ජයේශ්, එයා කියන හැටියට මම්බරාතු ජයේශ් මනමාලියක් හොයන්න කන කට්ට දැක්කම. ජාතිය ආගම කුලය පෙනුම අධ්‍යාපන සුදුසු කම් රැකියාව එකී මෙකී සේරම එක්ක දාහක් කොන්දේසි එක්ක හඳහනත් ටක්කෙටම ගැලපෙන කුල කාන්තාවක් හොයා ගන්න කරන උත්සාහයෙන් වාසිය තියෙන්නෙ එයාට කපු කම් කරන මංගල ආයතනයට විතරයි. එයාම කියන හැටියට එයා ඒකේ දිගු කාලීන ගණු දෙනු කාරයෙක්.
ඉතිං මෙයා ගෙදරට නාකි වෙන කල්ම මනමාලියො හොයන එක තමා කතාව.එයාට එක එක අකරතැබ්බ වලට මූණ දෙන්න සිදුවන හැටි සහ අන්තිමට මොකද වෙන්නෙ? ඇත්තටම දෙදෙනෙක්ගෙ ගැලපෙන්න ඕනෙ මොකක්ද? ආ අමතක උනා ඒ අස්සෙ තවත් නූතන සමාජයෙ පවතින තවත් කාරණාවක් ගැනත් මේකෙ කතාව යනවා. කොහොම උනත් සමාජයට හොඳ පණිවිඩයක් දෙන කතාවක් මේක.
විනීත් ශ්‍රීණිවසන් මේකෙ ප්‍රධාන චරිතය රඟපානවා. නිකිලා විමල්, බාබු ඇන්තනි ඇතුළු පිරිසක් මෙහෙ රඟපානවා. එම් මෝහනන්ගෙ චිත්‍රපටයක් මට හිතා ගන්න බෑ මේ ටොපික් එක ගැන මලයාලි ප්‍රේක්ෂකයො එච්චර උනන්දු නොවුනෙ ඇයි කියල. ඔයාල බලලම කල්පනා කරන්න.




