EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

මහ රෑ පාත් උන මරාළය

මලයාලි ප්‍රමූඛ දකුණු ඉන්දියානු සිනමාවෙ පොලිස් සූට් එකක් දකින්න නැති චිත්‍රපටි අතලොස්සයි, ඒකෙනුත් වැඩිපුර තියෙන්නෙ පොලිසිය පාදක කර ගත් කතා. ඒ නිසා හැම ජනප්‍රිය් නළුවෙක්ම පොලිස් සූට් එක ඇඳල තියෙනවා. සුබින් සුහේර් මීට කලින් පොලිස් සූට් එක ගහපු චිත්‍රපටියක් මතක් උනාද?, ඇඟම හීතල වෙලා යයි. මේකෙත් සුබින් ඉන්නෙ පොලිස් කාරයෙකුට. හැබැයි ටිකක් අහිංසකයි.

ඉතින් මේ පොලිස් කොස්තාපල් වරයා තවත් උප පොලිස් කාරිණියක් එක්ක රාත්‍රී මුර සංචාරයක යෙදෙන කොට ලොකු අලකලංචියක පැටළෙනවා. සයිඩ් එකෙන් මාරු වෙලා ඉන්න හැදුවට වැඩක් වෙන්නෙ නෑ. රස්සාවත් අනතුරේ වැටිල ඒකෙන් බේරෙන්න උත්සාහ කරන එක තමයි මූලික කතාව. ඒ අස්සෙ තව අතුරු කතා යනවා එක එක්කෙනාගෙ පවුක් ජීවිත ගැන හිර වීම, හිමි කම්. යුතු කම් ගැන.මේ දවස් වල සුප්‍රසිද්ධ බෞද්ධ පාඨය “අචින්තිතම්පි භවති, චින්තිතම්පි විනස්සති” මලයාලම් චිත්‍රපටි වලට අදාළයි නම් මේකටත් අදාළයි. අවසානයේ මිනීමරුවා නීතිය ඉදිරියට ගෙන එයිද? බලල ඉන්න. ඇත්තටම හොඳ ත්‍රිලරයක්.

සුබින් සමග නව්‍යා නායර්, සනී වේන්,ඈන් ඔගස්‍ටින්, ආත්මියා රාජන්, අච්‍යුත් කුමාර හා හරිශ්‍රී අශෝකන් රඟපාන මෙහි රතීනා පී ටී ගේ අධ්‍යක්ශණයක්.

Comments