EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Pakka Commercial (2022) Sinhala Subtitles | “යුක්තිගරුක විනිසුරුවරයා” | සිංහල උපසිරැසි සමඟ

(Pakka Commercial (2022) Sinhala Sub , Pakka Commercial (2022) Sinhala Subtitle , Pakka Commercial (2022) Sinhala Subtitles)

 

Pakka Commercial -2022

 

ඔන්න එහෙනම් ගොඩාක් අයගේ ඉල්ලිම හින්දා මන් ඔයාලට මේ ෆිල්ම් එකේ උපසිරැසි අරන් ආවා.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රගපාන්නේ Gopichand සමගින් Raashi khanna.මේ සමගම Sathyaraj,Rao ramesh,Ajay gosh,praveen, varalaxmi sarathkumar  සහභාගි වෙලා තියෙනවා.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Maruthi.මෙය IMDb දර්ශකයේ 4.3/10 අගයක් වගේම 78% ක ගූගල් පරිශීලක කැමැත්තක් ලබා ගෙන තියෙනවා.මේක action/comedy/crime ගණයට තමයි වැටෙන්නේ. මේ ෆිල්ම් එක මිශ්‍ර ප්‍රතිචාර තමයි ලබාගෙන තියෙන්නේ.

කතාව මතක් කරනවා නම්,

සූර්යනාරායන් කියන්නේ යුක්තිය ගැන හිතන විනිසුරුවරයෙක්.ඒ අපේ ප්‍රධාන චරිතේ ලකීගේ තාත්තා.අමූල්යා කියලා අහිංසක කෙල්ලෙක්ට සල්ලිකාර විවේක් අතවර කරන්න හැදුවා කියලා දාපු නඩුවක් විභාග කරන එකෙන් තමයි කතාව පටන් ගන්නේ.සල්ලි වලට වැඩ කරන වාණිජ නීතිඥයෙක් හින්දා ඒ  නඩුවෙන් අමූල්යාට සාධාරණ තීණ්දුවක් දෙන්න සූර්යනාරායන්ට බැරි වෙනවා.ඒ නඩුවෙන් පස්සෙ අමූල්යා එල්ලිලා මැරෙනවා.ඒකට හේතුව සූර්යනාරායන් කියලා එයා රස්සාවෙන් ඉල්ලා අස්වෙලා සාමාන්‍ය මධ්‍යම පාන්තික ජීවිතයක් ගෙවනවා.මෙයාගේ පුතා ලකීත් ලොකු වෙලා නීතිඥයෙක් වෙනවා.ඒත් එයානම් තාත්තා වගේ නෙවෙයි.”සම්පුර්ණයෙන් වාණිජයි”.ඒ කියන්නේ අතට ලොකු ගාණක් ලැබෙන්නේ නැත්නම් නඩුවක් භාරගන්නේ නෑ.මොන දේ කරත් සල්ලි බලාපොරොත්තුවෙන් තමයි.මෙයා ඒක තාත්තාගෙන් හංගලා  තමයි වැඩ කරගෙන යන්නේ.මේක තාත්තා හොයා ගනීද?දැන ගත්තොත් මොනවා වෙයිද ?මීට වඩා ගොඩක් දේවල් තියෙනවා.ඒවා එහෙනම් ඔයාලම බලන්න.හිනා වෙවී බලන්න පුලුවන්.

 

 

 

Comments

July 10, 2023

i am unable to download this movie…..

    Cinesubz July 10, 2023

    Download Links Fixed.