EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Paramporul (2023) | සර්ව බලධාරීයා

Paramporul (2023) Sinhala Subtitles Paramporul (2023) Sinhala Sub

ඔන්න ඉතින් සරකුමාර් ආයෙත් Por Thozhil (පෝර් තොලිල්) එකෙන් පස්සේ 01 වැනිදින සැප්තැම්බර් 2023 අලුත් පරම්පරාවේ තවත් නලුවෙක් එක්ක ෆිලුමක් කරල. වරදක් නෑ. ටිකක් වෙනස් ප්ලොට් එකක් හොද ගලායෑමක්. ලස්සන අවසානයක්. ධනාත්මක රිවීව්ස් එක්ක දැනට තිරයේ දුවනවා කියලයි කියවෙන්නේ.

මේක crime thriller සානරයට අයත් එකක් කතාව හා අධ්‍යක්ෂණය නවක අධ්‍යක්ෂවරයෙක් වන C. Aravind Raj. නිෂ්පාදන දායකතවය Manoj and Girish ගෙන් . ප්‍රධාන චරිතය මෙහෙයවන්නේ R. Sarathkumar හා Amitash Pradhan. අමිතාෂ් ප්‍රධාන් මෙයා ප්‍රධාන වාරනම් ආයිරම් එකෙන් පටන්ගෙන මෙතෙක් ශයනලුවෙක් වශයෙන් රංගනයේ යෙදෙන දක්ෂ අනාගත රංගන ශිල්පියෙක්. මේ දෙන්න එක්ක Kashmira Pardeshi, Balaji Sakthivel සහා T. Siva සහය නලුවන් විදියට එක්වෙනවා. සංගීතය Yuvan Shankar Raja විසින් සපයා තියෙන්නේ. කැමරාකරණය හා සංස්කරණය S. Pandikumar and Nagooran Ramachandran විසින් .

Paramporul (2023) Sinhala Subtitles

කතාව් ගැන බලමු.
ඉස්සෙල්ලම කියන්න වෙන්නේ ” තන්හා ජායති ශෝකෝ” තන්හාව අපිව කොහේ ගිහින් අතාරියිද කියල කියන්න බෑ. ඒකත් ඒ තන්හාව උපදින්නේ අන් අයටත් හානියක් කරගෙනනම්. ඉතින් අපේ මයිත්‍රියනුත් ( සරත්කුමාර් ) ඒ ජාතියේ පොලිස්කාරයෙක්. තමන්ගේ සල්ලිවලට තියෙන කෑදරකමකට පවුලත් අහිමිකරගෙන ඒ වෙනුවෙන් ඕනේම දෙයක් කරන්න සූදානම් කෙනෙක්. පොඩි සොරකමට මයිතියන්ගේ අතටම අව්වෙනවා ආදී (Amitash Pradhan). ආදී කියන්නේ පෞරාණික භාන්ඩගැන දන්න කෙනෙක්. මේ අතරේ මේ දෙන්නට පෞරාණික පිළිමයක් ලැබෙනවා. ඒක විකුණගන්න ගියාම ඇති වෙන සිද්ධි සමුදාය. අවසානයනම් නොහිතපු දෙයක්…. බලන්නම් ඕන ෆිල්ම් එකක්.

Comments