EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PagePari (2018) | නපුරු සුරංගනාවි
මහත්තයෝ!
අර එදා ඔහේ මෝචරියට එක්කන් ආපු
රුක්සානා කෙල්ල…
ඒකිගෙ අම්ම ඔහෙගෙ වාහනේට හැපිල මැරුනනෙ.
ඒකි මේ දවස් වල ඔහෙත් එක්ක නේද ඉන්නෙ?
ඔහේනෙ ඒකිගෙ වගකීම බාර ගන්න ඇත්තෙ.
ඔය කෙල්ල ඔහෙගෙ අනුකම්පාව ලබා ගන්න සුදුසු නෑ.
ඒකි මනුස්සයෙක් නෙවෙයි.
ඒකි සුරංගනාවියක්.
හැබැයි අර පොඩි එවුන්ගෙ කතා පොත්වල
ඉන්න ජාතියෙ එකෙක් නම් නෙවෙයි.
ඒ සුරංගනාවි පේන තරම් අහිංසක නෑ.
ඒකි ඔහේට ආදරේ කරයි.
ඊට පස්සෙ හෙමීට හෙමීට ඔහේ
ඒකිගෙ බොරු දැලේ පැටලෙයි.
දවසක ඒකි ඔහෙව කාල දායි ආදරෙන්ම.
පරී කියන්නෙ මේ අවුරුද්දෙ මාර්තු මාසෙ 02 වෙනිදා තිරගත වීම ආරම්බ කල වෙනස්ම ආකාරයේ Horror චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය පෙබරවාරි 28 තිරගත වීමට නියමිත වී තිබුනත් ශ්‍රීදේවිගේ අභාවය නිසා මාර්තු මාසෙට කල් ගියා. අධ්‍යක්ශනය කරන්නෙ Prosit Roy. ඒ වගේම අනුශ්කගෙ තුන් වෙනි නිශ්පාදනය වෙන්නෙත් මේ පරී. සංගීත අධ්‍යක්ශනය Anupam Roy ගෙන්.
මේ චිත්‍රපටිය බොලිවුඩයේ Horror සම්ප්‍රදාය වෙනස් කල චිත්‍රපටියක් ලෙස හඳුන්වන්න පුලුවන්. සාමාන්‍ය චිත්‍රපටියක වගේ ලස්සන ආදර කතාවක්, ලස්සන සිංදු, පලි ගන්න බලන් ඉන්න හොල්මන් නැති වුනත් අමනුශ්‍ය බලවේගයකට යලිත් පන දෙන්නට උත්සහ කරන ආගමික කණ්ඩායමක් ගැන අමුතුම විදිහේ කතාවක් මේ චිත්‍රපටිය ඇතුලෙ තියෙනවා.
කෝටි දහයක වියදමයකින් නිපදවුනු මෙ චිත්‍රපටිය කෝටි 40ක ආදායමක් ලබන්නටද සමත් වුනා. චිත්‍රපටිය රූගත කිරීම අතරතුරදී මේ කණ්ඩායමේ සිටි තාක්ශන ශිල්පියෙක් විදුලි සැර වැදීමෙන් මිය යනවා. ඒ නිසාවෙන් රූගත කිරීම ටික කලකට නවතා තැබුනා. ඒ වගේම Black Magic වලට ප්‍රචාරනයක් ලබා දීම හේතුවෙන් පාකිස්තානයේ පරී තහනම් කලා.









